loading

හොලිවුඩ් තාරකාවන් ගේ දීප්තිය වූ ටියෝනා පෙම්බර්ටන් ( Tiona Pemberton )

   ඇය තවමත් දහනව වැනි වියේ පසුවන යොවුන් කුමරියකි. එහෙත් ඇය හොලිවුඩය වසඟයට ගෙන හමාරය. ඇත්තෙන් ම ටියෝනා ( Tiona Pemberton )හොලිවුඩ් තාරකාවක් නොවේ. එහෙත් ඇය තරු වලට දීප්තිය සපයන්නියකි. මෙම ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය ඇයට වයස අවුරුදු පහ වන විට අපූරු විනෝදාංශයක් වෙත යොමු විය. බාල  සන්ධියේ දී  පුංචි ප්ලාස්ටික් කැබලි වලින් අභරණ සෑදීමට පටන් ගත් ටියෝනා පෙම්බර්ටන්  ( Tiona Pemberton ) අද වන විට ව්‍යවසායිකාවක ලෙස තම නම හොලිවුඩයේ සනිටුහන් ක‍ර ඇත. 

   මෙවර ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වන හොලිවුඩ් තාරකාවන් ටියෝනා පෙම්බර්ටන් ( Tiona Pemberton ) ගේ ආභරණ වලින් සැරසී රතු පලස මතින් ගමන් කළහ. එම විචිත්‍රවත් අවස්ථාවට සහභාගී වීමේ දුර්ලභ අවස්තාව උදා කරගනිමින් ටියෝනා පෙම්බර්ටන් ( Tiona Pemberton ) ගිනිකොණ දිග ස්විස් ලන්තයේ පිහිටි ටුවූම්බාහි(ඇය ජීවත් වන ප්‍රදේශය ) සිට ලොස් ඇන්ජලීස් වෙත පැමිණියාය.

   කෙසේ වෙතත් මෙම මොහොත ටියෝනා පෙම්බර්ටන් (Tiona Pemberton) ගේ දිවියේ සොඳුරුතම අවස්තාවක් වනු නොඅනුමානය. ඇගේ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් ඔපවත්  කළ  විවිධ වර්ගයේ අභරණ පැළඳි සුරුපිණියන් රතු පලස මතින් මෙසේ ගමන් කරාවි යැයි ඇය කිසි දිනක නොසිතන්නට ඇත. ටියෝනා පෙම්බර්ටන් ( Tiona Pemberton )  ව්‍යාපාරය පවත්වාගෙන යනු ලැබුවේ සමාජ ජාල වෙබ් අඩවි හරහා ය. ව්‍යාපාරය අරඹා නොබෝ දිනකින් ඇමරිකාව කැනඩාව වැනි විදේශ රටවල ජීවත් වන්නන්ගෙන් පවා ඇයට ඇනවුම් ලැබී ඇත. ඒ ආ ගමන් මග දිගේ ඇය හොලිවුඩයට ද පැමිණ අවසන්ය. ඒ උදෙසා ඇයට ගත වුණේ මාස 3ක් පමණ කෙටි කාලයකි. මැලොව් සහ තයිම් යන නාමයන්ගෙන් වෙළඳ පොළට එන ටියෝනාගේ ආභරණ ඇමරිකානු ඩොලර් දාසයේ සිට දෙසිය අනූ නාමය දක්වා වන මිල ගණන් යටතේ අලෙවි වේ. 

   ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණවේදය සම්බන්ධ උපාධි අපේක්ෂිකාවක වන ඇය ඔස්කාර් සම්මාන උළෙලට කල ඇරයුම විහිළුවක් බව සිතා සිටිය ද වැඩිදුර සොයා බැලීමේදී එය සැබෑවක් බව දැනගන්නට ලැබී ඇත. නොපසුබට උත්සාහය සහ ඉලක්ක හබා යාමේ කුසලතාව මෙන් ම නිසඟ හැකියාව නිසා ටියෝනා පෙම්බර්ටන් ( Tiona Pemberton ) හොලිවුඩයේ තාරකා වල දීප්තිය බවට පත්ව ඇත.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment