loading

ටේලර් ස්විෆ්ට් ( Taylor Swift ) ගේ Style


   ටේලර් ස්විෆ්ට් ( Taylor Swift ) ගේ Style ගීතය බෙල්බෝර්ජ් ගීත දර්ශකයේ ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ එහි සාර්ථක බව පිළිබඳ මනා සාක්ෂියක් සපයමිනි. මෙම ගීතය පෙබරවාරි 09 වන දින එළිදක්වනු ලැබූ අතර එය '1989' ලෙස නම් කර ඇති ටේලර් ස්විෆ්ට් ගේ පස් වන ඇල්බමය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයකි. මෙම ඇල්බමයෙන් දෙවැනි වර නිකුත් වූ ගීතය වන්නේද Style ගීතයයි. පොප් රොක් වර්ගයට අයත් මෙම ගීතය රචනා කර තිබෙන්නේ මැක්ස් මාර්ටින්, ටේලර් ස්විෆ්ට්, ෂෙල්බැක් සහ ඇලි පයාමි විසිනි.

 ටේලර් ස්විෆ්ට් ( Taylor Swift ) මෙම ගීතය පසුගිය ඔක්තෝබර් මස 27 වන දින  Taylor Swift 1989 Secret Session With Heart Radio හිදී පළමු වතාවට සජීවී ලෙස ගායනා කරණු ලැබූ අතර ඉන්පසු ඇය එම ගීතය Victoria's Secret Show හිදී ගායනා කරනු ලැබුවාය.

   මෙම ගීතය පිළිබඳ බිග් රෙකොඩ්ස් හී ස්කොට් බැටෙචා විසින් පසුගිය දෙසැම්බර් මස මාධ්‍යට හෙළිදරවු කරනු ලැබුවේ ට්විටර් මාර්ගයෙන් අසනු ලැබූ ටේලර් ස්විෆ්ට් ( Taylor Swift ) ගේ නව ගීතය පිළිබඳ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමක් ලෙසිනි. ආදරයක් තුළ කිසිවෙකුත් නොදකින ඉසවු වෙත අවධානය යොමු කරමින් මනුෂ්‍යත්වයේ සබදියාවන් පිළිබඳ නැවුම් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම ගීතය නිර්මාණය කළ බව ටේලර් ස්විෆ්ට් ( Taylor Swift ) සම්මුඛ සාකච්චාවක දී ප්‍රකාශ කර ඇත. ඇය තව දුරටත් ගීතය පිළිබඳ කතා කරමින් කියා තිබෙන්නේ මෙහි සංගීතය මනා ලෙස මුසුවී තිබෙන බවත් රූප රචනාව ඉතා මනරම් ලෙස ඇගේ හදවතට දැනෙන බවත් ය. මෙහි රූප රචනාව කායිල් නිව්මන් විසින් නිර්මානයක කරන ලද්දක් වන අතර එහි රූගත කිරීම කර තිබෙන්නේ මොරොක්කෝවේ දී ය.

   මම ගීතයේ ලක්ෂ 5කට  අසන්න පිටපත් සංඛ්‍යාවක් ඇමරිකාව තුළ පමණක් මේ වන විටත් අලවි වී ඇති අතර එය හැඟීම් බර ප්‍රකාශ කිරීම් වලින් අලංකෘත වූ සාර්ථක ගීතයක් ය යන්න විචාරකයින් ගේ අදහසයි. එළිදැක්වීමෙන් නොබෝ කලක් යන්නට පෙර බෙල්බෝර්ජ් ගීත දර්ශකයේ 18 වෙනි ස්ථානයට පත් වීමෙන් පෙනී යන්නේ විචාරක මතය නිවැරදි බවයි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment