හිතා ගන්නවත් පුළුවන්ද ලස්සන කෙල්ලන්ට මේ තරම් නපුරු වෙන්න පුළුවන් කියලා. උතුම් පැතුම් ටෙලිනාට්‍යයේ වරුණි නම් එහෙම නපුරියක්. ඒත් මේ නපුරු කෙල්ලට පණ පොවන රිතු ආකර්ෂා (Rithu Akarsha) නම් එහෙම නපුරු කෙල්ලෙක් නෙවෙයි. හිරු තනිවෙලා ටෙලි සිත්තම ඔස්සේ රංගනයට පිවිසි රිතු උතුම් පැතුම් නාට්‍යය හරහා වගේම රිදී පහන් සහ නිත්‍යා ටෙලි නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක වනවා.
ඇය පවසන්නේ උතුම් පැතුම් ටෙලිනාට්‍යයේ වරුණි ගේ චරිතය නපුරු චරිතයක් වුණත් එය ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගෙන තිබෙන බවයි. රිතු කියන නමට වඩා බොහෝ රසිකයින් අයව හදුනන්නේ වරුණි කියන නමින්. නමුත් ඇය රංගනයෙන් දායක වන රිදී පහන් හී නටාශාගේ චරිතය මෙන් ම මම වෙමි මම හී නිත්‍යා ගේ චරිතයත් රසිකයින් ආදරයෙන් වැළදගෙන තිබෙනවා.
රහස් පරීක්ෂණ නිලධාරීනියකගේ චරිතයකින් ඇය ආලින්දයට පැමිණෙන්නේ මම වෙමි මම ටෙලි සිත්තම හරහායි. එය වෙනස් ම ආකාරයක චරිතයක්. ඉතාමත් සුළු නිර්මාණ ප්‍රමාණයකට දායක වී තිබුණත් ඒ සියලු ම චරිත ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම ඇය ලද භාග්‍යයක්. මෙම සීමිත නිර්මාණ ප්‍රමාණය තුළ වුවත් ඇයට එකිනෙකට වෙනස් ආකාරයේ චරිත සඳහා පණ පොවන්නට ලැබීම පිළිබඳ ඇය සතුටට පත් වෙනවා. එමෙන් ම ඇය මෙම විවිධත්වයට ප්‍රිය කරන බවයි පවසන්නේ.
තවම රිතුට (Rithu Akarsha) එහෙමත් නැත්තම් වරුණිට ඇය ප්‍රිය කරන ආකාරයේ චරිතයකින් රසිකයින් අතරට පැමිණීමට අවස්ථාව උදාවී නෑ.ඇයට බොහෝ විට ලැබෙන්නේ නාගරික පරිසරයක ජීවත් වන බටහිරකරණයට නැඹුරු වූ තරුණියකට ගැලෙපෙන ආකාරයේ චරිත. එහෙත් රිතු පවසන්නේ ග්‍රාමීය සරළ තරුණියකගේ චරිතයකට පණ පොවන්නට ඇය ඉතාමත් කැමැත්තෙන් සිටින බවයි. එමෙන්ම එවන් චරිතයක් නිරුපණය කිරීමේ හැකියාව ඇය සතු බව ද ඇය විශ්වාස කරනවා.
මේ වන විට යම් කිසි ජනප්‍රියත්වයක් ලබා තිබුණද ජනප්‍රියත්වය නිළියක් වනවාට වඩා දක්ෂතාවයෙන් පිරිපුන් නිළියක් වීමට ඇය (Rithu Akarsha) බලාපොරොත්තු වෙනවා. කලා ක්ෂේත්‍රයේ තව බොහෝ දුර යා යුතුව තිබෙන බැවින් රංගනය මැනවින් හැදෑරීමයි ඇගේ අරමුණ වන්නේ.
Home
/
Sri Lanka
/
නිළියෝ
/
ලංකාවේ
/
“නපුරු වරුණිට රසිකයින් ගේ කැමැත්ත වැඩියි” රිතු ආකර්ෂා Rithu Akarsha
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment