loading

PK වලින් පසු පරණ වැඩක් අලුත් කරන්නට සැරසෙන රාජ්කුමාර් හිරාණි (Rajkumar Hirani)

    ලොවක් වසඟ කල PK චිත්‍රපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරණු ලැබූ රාජ්කුමාර් හිරාණි (Rajkumar Hirani) ඔහුගේ සිනමා දිවියේ ඊළඟ පියවර පිලිබඳ අන්තර්ජාල වෙබ් අඩවියකට පුංචි ඉඟියක් පළ කර තිබුණා. එහෙත් එය කළින් සිනමාපටයකට නැගූ කතා පුවතක අනු පිටපතක්. මෙවර රාජ් කුමාර් හිරාණි (Rajkumar Hirani) උත්සහ කරන්නේ අතිශයින් ජනාදරයට පත් වූ සුප්‍රසිද්ධ සිනමා සිත්තමක් වන ගංගා ජමුනා චිත්‍රපටයට නව පණක් දීමටයි. රාජ් කුමාර් හිරාණි (Rajkumar Hirani) ගේ මෙම නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සුපිරි නළු සල්මන් ඛාන් (Salman Khan) ට හිමි වෙනවා. තවත් ඛාන් කෙනෙකු හට ද මෙම නිර්මාණය කිරීමට අදහස් කරන චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වෙන කිසිවෙක් නොව බොලිවුඩයේ කිං ඛාන් ලෙස හදුන්වනු ලබන ශාරුක් ඛාන් (Shahrukh Khan) බවත් වෙබ් අඩවියේ වැඩි දුරටත් සඳහන් කර තුබුණි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment