loading

සිහින ලුහුබැඳ නුවරින් කොළඹට පැමිණි නුවන් ගුණසේකර Nuwan Gunasekara


   කඩවසම්, ශක්තිසම්පන්න මේ තරුණයා සටන් ශිල්පය ප්‍රගුණ කළ අයෙක්. සටන් නළුවෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට  නුවර සිට කොළොම්පුරයට පා තැබූ ඔහු මුලින් ම කරළියට අවතීර්ණ වුණේ නිරූපණ ක්ෂේත්‍රය හරහායි. නර්තන ශිල්පියෙක් ලෙස සිරස සුපර්ස්ටාර් හරහා ජනප්‍රියත්වයට පත් නුවන් ගුණසේකර(Nuwan Gunasekara) කරාතේ ක්‍රීඩාවට යොමු වී තිබෙන්නේ වයස අවුරුදු 10 සිටයි. ඔහු පවසන අයුරින් නර්තනය සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය ඔහුට ලැබී තිබෙන්නේ සටන් ශිල්පය නිසා. ඔහු සටන් ශිල්පය හැදෑරීමට මෙන් ම සටන්  නළුවන්ගේ චිත්‍රපට නැරඹීමට ද ප්‍රියකොට තිබෙනවා.

   රත්තෙපිටිය විද්‍යාලයෙන් සහ කිංස්වුඩ් විද්‍යාලයෙන්  සිප් කිරේ අනුහස ලබාගත් නුවන් ගුණසේකර(Nuwan Gunasekara) නිරූපණයෙන් මෙන්ම මියුසික් වීඩියෝ සඳහා රංගනයෙන් ද දායක වෙමින් කලාවේ මුල් පියවර කිහිපය තබනවා.  නුවන්ගේ ජීවිතයේ එක් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වූ “ෆ්‍රෙන්ඩ්ස්”  ටෙලි නාට්‍යයයි. ඉන්දියාවේ රුගත කෙරුණු එම ටෙලි නාට්‍යයෙන් 2007 දී ටෙලි නාට්‍යය රංගනයට පිවිසි නුවන් මේ ගමන යන්නේ දිනෙක සාර්ථක සටන් නළුවෙකු වීමේ සිහිනය දරාගෙනයි.


   ස්වාධීන රූපවාහිනීයේ විකාශය වූ “මුතුකැට”සිහිනය සහ ස්වර්ණවාහිනියේ විකාශය වූ “කළු අරලිය” ටෙලි නාට්‍යය හරහා ආලින්දය හැඩ කල නුවන් ගුණසේකර(Nuwan Gunasekara) මේ සිරස නාලිකාවේ විකාශය වන උතුම් පැතුම් ටෙලි සිත්තම හරහා “ෂේන්” ගේ  චරිතය ට  පණ පොවමින් මේ දිනවල රසිකයින් අතරට පැමිණෙනවා. කිසිම දැන හැදුනුම් කමක් නැතිව තනිවම පැමිණි කලාවේ කෙටි ගමන පිලිබඳ ඔහු සතුටු වෙනවා.

   මේ දිනවල නුවන් ඔහුගේ ම සටන් කලා පුහුණු ආයතනයක් වගේ ම නර්තන පන්තියක් ද පවත්වාගෙන යනවා. ප්‍රේමය පිලිබඳ නුවන් ගුණසේකර(Nuwan Gunasekara) ගේ අදහස වන්නේ එය පසු පස හබා යෑමට වඩා ප්‍රේමය සොයාගෙන එන තුරු සිටීම හොඳ බවයි. නුවරදී ඔහු පළමු ප්‍රේමය විඳ ගත්තත් එයට උරුමව තිබුණේ කෙටි ගමනක්. කෙසේ වෙතත් ඔහු කලා ක්ෂේත්‍රයේ කෙනෙක් සමඟ සෙනෙහසින් බැදීමට කැමත්තක් දක්වන්නේ නෑ.  එකම ක්ෂේත්‍රයේ කෙනෙක් සමඟ විවාහ වීමට ඔහුගේ අදහසක් නැති බවයි පවසන්නේ.


   හොලිවුඩය දක්වා ඔහුගේ සටන් නළු සිහිනය විහිදුවන්නට බලාපොරොත්තුවෙන් සිටින නුවන් ගුණසේකර(Nuwan Gunasekara) එය ඉතා සෙමින් පරිස්සමෙන් මෙන් ම නිවැරදි ලෙස අවස්ථාව උදා කරගනිමින් යා යුතු ගමනක් බවයි සිතන්නේ. එක සහෝදරයෙක් පමණක් සිටින පවුලේ බඩ පිස්සා ලෙස පවුලේ ආදරයත් කලාව හරහා රසිකයින්ගේ ආදරයත් නොඅඩුව ලබන නුවන්ට නුදුරේදී ම සිහින කුමරියකගේ සෙනෙහස විදින්නට හැකි වේවායි අපි ප්‍රර්ථනා කරමු!


Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment