ළමා වියේදී Big Fish නම් සිනමා නිර්මාණය හරහා රංගන ශිල්පිනියක් ලෙසද රසිකයින් අතරට පැමිණි මිලේ සයිරස් (Miley Cyrus) ඇගේ පළමු චිත්‍රපට ගීතය Bolt චිත්‍රපටය වෙනුවෙන් ගායනය කරන ලදී. එමෙන් ම ඇය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන Disney Channel තුළින් විකාශනය වූ HANNAH MONTANA නාට්‍ය තුළින් ද රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් වුවාය.
හොලිවුඩ් රෙකොර්ඩ් සමාගම සමඟින් සිය පළමු ගිවිසුමට අත්සන් තැබූ මිලේ සයිරස් (Miley Cyrus) දැනට දායක වී ඇති චිත්‍රපට ගීත ප්‍රමාණය 05 කි. එමෙන් ම ඇයගේ ප්‍රථම ගීත ඇල්බමය සඳහා RIAA සහතිකයද හිමිවිය . අගේ දෙවන ගීත ඇල්බමය Breakout නමින් 2008 වර්ෂයේදී එළිදක්වනු ලැබීය.
Miley Cyrus |
2013 වර්ෂයේ උත්කර්ෂවත් MTV ගීත සම්මාන රාත්‍රියේදී Artist of the Year සම්මානයෙන්ද පිදුම් ලැබුවේ මිලේ සයිරස් (Miley Cyrus) ය. Billboard Hot 100 ගීත දර්ශකයේ හොඳම ගීත ද්විත්වය බවට පත් We Can’t Stop ගීතය සහ Wrecking Ball ගීත ඇය ගායනා කරණු ලැබූයේ 2013 වසරේදී එළිදක්වනු ලැබූ Bangerz ගීත ඇල්බමය උදෙසාය.
පසුගිය දිනෙක අන්තර්ජාලයට මුදා හැර තිබූ ඇගේ අඩ නිරුවත් ඡායාරූපයක් මහත් ආන්දෝලනයකට ලක් විය. පමණ ඉක්මවා කාමුකත්වය ඉස්මතු කර දැක්වීම නිසා ඇය ඇතැම් ගීතලොලීන් ගේ අප්‍රසාදයට ද ලක්වී ඇත.
0 comments :
Post a Comment