loading

පොඩ්ඩන්ට පුළුවන් බව රටටම කියා දුන් හිරුණි නිමේෂිකා (Hiruni Nimeshika)

 
    මධුර කන්කළු හඬක් උපතින්ම ලැබෙන දායාදයක් ලෙස හිමිවීම මෙන් ම එම මිහිරි හඬ නිසා ම ඉතා ළා බාල වයසින් තරුවක් වන්නට ලැබීම කියන්නේ සැබෑ වාසනාවක්. පසුගිය දිනෙක එවන් වාසනාවන්ත පිය සටහනක් තබන්නට පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහන හරහා ඇයට හැකි වුණා. සිරස නාලිකාවේ පොඩ්ඩන්ට පුළුවන් තරඟ වේදිකාවේ විජයග්‍රාහී තාරකාව වූයේ ඇයයි. හිරුණි නිමේෂිකා වෙල්ගම (Hiruni Nimeshika Welgama) නම් වූ මේ ගීත කෝකිලාවිය ගම්පොළ , ගලහා ප්‍රදේශයේ පිහිටි මොරහේන නමැති සුන්දර ගම්මානයේ උපන්නියක්.

   ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලයේ 10 වෙනි වසර ඉගෙණුම ලබන හිරුණි නිමේෂිකා (Hiruni Nimeshika) එළබෙන වසරේදී අ.පො.ස(සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතයි. ගායනයට මෙන් ම ඉගෙනීමට ද උපන් හපන් කම් දක්වන හිරුණි පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහන නිසා කෙතරම් කාර්ය බහුල වුණත් එය අධ්‍යාපනයට බාධාවක් කර නොගැනීමට ප්‍රවේසම් වුණා. හිරුණි නිමේෂිකා (Hiruni Nimeshika) පසු ගිය වාර විභාගයෙදී ගණිතය විෂයට ලකුණු 86ක් මෙන් ම  විද්‍යාවට සහ සංගීතයට ලකුණු අනූ අට බැගින් ලබාගෙන තිබෙනවා. හිරුණිගේ පියා නමින් සමන් වෙල්ගම. ඔහු වෘත්තියෙන් විදුහල්පති වරයෙක්.ඔහු සේවය කරණු ලබන පාසල වන්නේ මොරහේන කණිෂ්ඨ විද්‍යාලයයි.

   හිරුණි නිමේෂිකා (Hiruni Nimeshika) ගේ විනෝදාංශය නම් ටිකක් අමුතු විදියේ එකක්. ඇය ප්‍රිය කරන්නේ ගස් නැගීමටයි. ඇය ගස් උඩට නැගලා ගයන හින්දි ගීත වල මියුරු තාලයෙන් මොරහේන ගම්මානයේ හුදකලාව මැකෙනවා. මේ ගී කෝකිලාවිය ගෙදර නැති දින ගැන ගමේ උදවියට ඒ නිසාම පහසුවෙන් හදුනාගන්න පුළුවන්. පවුලේ  බාල දියණිය වන හිරුණිට වැඩිමල් සොහොයුරෙක් මෙන් ම බාල සොයුරෙක් ද සිටිනවා.


  
   හිරුණි නිමේෂිකා (Hiruni Nimeshika) පොඩ්ඩන්ට පුළුවන් තරඟයේ ජයග්‍රාහිකාව වන්නට පෙර තරඟ කිහිපයකට ම සහභාගී වී තිබෙනවා. එහෙත් විවිධ කැපිලි ,කෙටිලි අසාධාරණ කම් නිසා ඇයගේ හැකියාවන්ට නිසි තැනක් ලැබුණේ නැති බවයි හිරුණි පවසන්නේ. ඇගේ මව පොඩ්ඩන්ට පුළුවන් තරඟයට අයදුම්පත් යොමු කරණු ලැබුවත්  හිරුණිට ඉන් පෙර සිදුවූ අසාධාරණ කම් නිසා කළකිරීමට පත් වී සිටි ඇගේ පියා එයට තදින් ම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් අවසානයේ සියලු නපුරුකම්, කෙනෙහිළි කම් පරදා ඇගේ දක්ෂතාවයට නිසි තැන ලබාගන්නට හැකි වීම සතුටට කරුණක්.

   එහෙත් ඇගේ පියා හිරුණි නිමේෂිකා (Hiruni Nimeshika) ප්‍රසංගවේදිකාවේ ගීත ගායනයට යොමු නොකරන බවයි පවසන්නේ. ඇයගේ හැකියාවන් විකුණා උපයාගැනීමට වුවමනා නැති බවයි ඔහුගේ අදහස. එහෙත් ඇය බලාපොරොත්තුවෙන් පසුවන්නේ ඇගේ ගායනයෙන් ඔපවත් වූ ගීත නිර්මාණ කිහිපයක් තුළින් ම නැවතත් ඉක්මණින් ම ඇගේ රසික පිරිස අතරට පැමිණීමටයි. 

Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

3 comments :

  1. why these news doesn't updated

    ReplyDelete
  2. I thought she is 15 years or else 16 years old child. But she is 18 years or 19 years old girl

    ReplyDelete