Tele painting, Sujatha's character suddenly changed. That was because Sujatha's a big girl now . Character of small Sujatha was roled by the daughter, Saheli Sadithma Ranasinghe. But now a big Sujatha's role is represented by the child actress, Harshi Rasanga . She brings an amazing beauty to the tele painting.
“සුජාතා” ටෙලි සිතුවමේ සුජාතා ගේ චරිතය එකපාරටම වෙනස් වුණා. එහෙම වුණේ සුජාතා දැන් ලොකු ළමයෙක් හින්දයි. මෙම ටෙලිනාට්‍යයේ පුංචි සුජාතා ලෙස රංගනයෙන් දායක වුනේ සහේලි සදිත්මා රණසිංහ දියණියයි. එත් දැන් ලොකු සුජාතාගේ චරිතය නිරූපණය කරන්නේ හර්ෂි රසංගා (Harshi Rasanga) කියන ළමා රංගන ශිල්පිනියයි. ඇය “සුජාතා” ටෙලිසිතුවමට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයක්.
මේ ඇගේ රංගනයෙන් හැඩවෙන පළමු ටෙලිනාට්‍යයයි. මීට පෙර වෙළඳ දැන්වීම් කිහිපයකට ම රංගනයෙන් දායක වූ හර්ෂි රසංගා (Harshi Rasanga) චිත්‍රපට දෙකකට රංගන දායකත්වය සපයලා තියෙනවා. තවම තිරගත නොවුණු චන්න පෙරේරා (Channa Perera) ගේ තරු මිතුරෝ (Tharu Mithuro) සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවා තිබෙන්නේ ඇයයි. එමෙන් ම ජනක ආර්. දොම්මිනිගේ (Janaka. R. Domminage) ගේ තරු අතර මම (Tharu athara mama) චිත්‍රපටයේ ශේෂාද්‍රි ගේ නැගණියගේ චරිතය නිරූපණය කරණු ලබන්නේත් මේ පුංචි රංගන ශිල්පිනියයි. එය ඇය රඟපෑ පළමු චිත්‍රපටයයි. එයත් තවම තිරගත වී නැහැ.
“සුජාතා” ටෙලි නාට්‍යයේ “අත්තටු මවලා” ගීතය සිරස ටීවී ඔස්සේ දිනපතාම විකාශය වන නිසා ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා. අවුරුදු 10ක් වගේ පුංචි වයසකදී රංගනයට අත්පොත් තැබූ මේ සුන්දර දැරියට දැන් වයස අවුරුදු 14ක් වෙනවා. ඇය “සුජාතා” හරහා ලැබූ ජනප්‍රියත්වය නිසා බොහෝ නිර්මාණ සඳහා ආරාධනා ගලාගෙන එනවලු. ඒත් අධ්‍යාපනය අවසන් වන තුරු ආයෙමත් ටෙලි නාට්‍යවල රඟපාන්න පුංචි හර්ෂි රසංගා (Harshi Rasanga) ට අදහසක් නෑ. වෛද්‍යවරියක වීමේ සිහිනය සැබෑ කරගෙන විනෝදාංශයක් ලෙස රංගනයේ යෙදෙන්නයි ඇය බලාපොරොත්තු වෙන්නේ.
පුංචි හර්ෂි ට සහෝදරයෙක් වගේම සහෝදරියකුත් ඉන්නවා. ඇගේ පියා අනුර කිත්සිරි වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඇගේ ආදරණීය මව නිලන්ති සෙනවිරත්න. අම්මාට තාත්තාට වගේම හර්ශි ගේ කලා දිවියට අත හිත දුන් සන්ධ්‍යා මෙන්ඩිස් (Sandaya Mendis) , රවීන්ද්‍ර විජේරත්න (Ravindar Wijerathne) , තරංග දිසානායක (Tharanga Dissanayake) යන අයටත් ඇගේ ස්තුතිය හිමි වෙනවා.
හර්ෂි රසංගා (Harshi Rasanga) බොහෝ ආසාවෙන් රසවිදි සුජාතා ටෙලි නාට්‍යයේ ම රංගන ශිල්පිනියක් වීමට ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙනවා. මුලදී දෙබස් පාඩම් කිරීම ටිකක් අපහසු වුණත් දැන් නම් එය එතරම් අපහසු නැති බවයි හර්ෂි පවසන්නේ. මෙම රූගත කිරීම් අතරතුර ඇයට අනතුරකටත් මුහුණ දෙන්න සිදු වෙලා. එක දර්ශණ තලයක සිට තවත් දර්ශණ තලයක් වෙත යමින් සිටියදී ඇගේ මව පැදවු වාහනයේ බ්රේක් නොවැදීම නිසා වාහනය තාප්පයක් දෙසට හරවලා තිබෙනවා. එහිදී ඇගේ නහයත් කැඩුණාලු. කෙසේ වෙතත් නහය කඩාගෙන පවා ඒ දිනවල ඇය සාර්ථකව රංගනයේ යෙදිලා තියෙනවා.
සුජාතා ඔස්සේ ආලින්දයට එන මේ පුංචි සුරංගනාවියට යහපත් අනාගතයක් වගේම කලාවේ දිගු ගමනක් යන්නත් වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා.
Home
/
android smartphones
/
Harshi Rasanga
/
Harshi Rasanga dance
/
Harshi Rasanga new
/
Harshi Rasanga photos
/
iphone selfies
/
Sandaya Mendis
/
Sri Lanka
/
Sujatha
/
කැමතිම නාට්‍යයේ කැමතිම චරිතයකට පණ පොවන්නට වාසනාව හිමිකරගත් හර්ෂි රසංගා Harshi Rasanga
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment