කටහඬ පමණක් ඇසෙන අදෘශ්‍යමාන මිනිසෙකු විසින් ඔබේ ජීවන චර්යාවන් නිරීක්ෂණය කරනවා නම් ඔබට දැනෙන්නේ කුමක් ද? ඉන්දියාවේ නම් එහෙමත් දේවල් සිදු වෙනවා. නමුත් එය එක්තරා රූපවාහිනි වැඩසටහනක් ම පමණයි. මෙහි තරඟ කරුවන්ට නාන කාමර, මුළුතැන් ගෙය, වැසිකිළි පහසුකම් පමණක් නොව ව්‍යායාම කිරීමට ස්ථානයක්, රැස්වීම් ශාලාවක් සහ පිහිනුම් තටාකයක් යන සියලු පහසුකම් සහිත නිවසක ජීවත් වෙන්නට සළස්වනවා.මෙසේ එක නිවසක ජීවත් වන තරඟකරුවන් හදුන්වනු ලබන්නේ නිවැසියන් (Housemates) ලෙසයි. එහෙත් මෙම නිවාස පිහිටා තිබෙන්නේ ලොවින් හුදකලා වූ පරිසරයක. පෑනක් පොතක් , රූවාහිනියක්, අන්තර්ජාල පහසුකම් තබා දුරකථන පහසුකමක් වත් නැතිව මෙසේ ජීවත් වන විට විනීත බැවින් තොර කරදරකාරී හැසිරීමක් ඇති තරඟකරුවන් තරඟයෙන් ඉවත් කරනු ලබනවා. මෙම තරඟකරුවන් එකිනෙකා බොහෝ සහයෝගීතාවයෙන් යුතුව ජීවත් විය යුතු අතර තරඟකරුවන්ගේ ම නාම යෝජනා මත මම නිවසේ වෙසෙන්නන් හෙවත් තරඟ කරුවන් දෙදෙනෙකු තරඟයෙන් ඉවත් කරනු ලබනවා.
ඉන්දියාවේ කලර්ස් නමැති රුපවාහිනී චැනලය මඟින් විකාශය කරන මෙම වැඩසටහන නෙදර්ලන්ත බිග් බ්‍රදර් වැඩසටහනට ඉතාමත් සමාන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. මෙම තරඟයේ අපුරුම සිදුවීම වන්නේ තරඟකරුවන්ගේ චර්යාවන් අභිරහස් පුද්ගලයෙකුගේ නිරීක්ෂණයට බඳුන් වීමයි. බිග් බොස් ලෙසින් හදුන්වනු ලබන මෙම පුද්ගලයාගේ කටහඬ පමණක් තරඟ කරුවන්ට ශ්‍රවනය කිරීමට හැකියාව තිබෙනවා.
නිවසේ ඉතිරි වන අවසන් තිදෙනාගෙන් ජයග්‍රාහී තරඟකරුවා තෝරාගනු ලබන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් කෙරෙන මත විමසීමකින්. මෙම අසීරු තරගාවලියේ මෙතෙක් විකාශය වී තිබෙන පියවර ගණන 8ක් වන අතර මෙහි ජයග්‍රාහකයාට හිමිවන ත්‍යාග මුදල මිලියන 5ක් තරම් වූ විශාල මුදලක්.
මෙම විශාල මුදලට හිමි කම් කියනු ලැබුවේ දියා ඕර් බාති හම් නමින් විකාශය වන (ස්වප්නා නමින් සිරස නාලිකාවේ විකාශය වන) ටෙලිනාට්‍යයේ වික්‍රම්ගේ චරිතයට පණ පොවන ගෞතම් ගුලාටි (Gautam Gulati) විසින්. ගෞතම් (Gautam Gulati) ගේ බලාපොරොත්තුව ඉදිරියේදී සුපිරි සිනමා තරුවක් වීමයි.
Subscribe to:
Post Comments
(
Atom
)
thanks for share a valueable post its great info.
ReplyDeleteb2b spa in delhi with extra service
Happy Ending body to body spa in south Delhi
body to body spa in New Delhi
best body to body massage in Delhi
body to body Nuru massage in Delhi
Full body to body spa in delhi
body to body massage in paharganj delhi
body to body spa near me
body to body massage in Delhi
body to body massage in new delhi railway station