loading

දීපිකා පදුකෝන් ගේ ආතතිය Deepika Padukone

    දීපිකා පදුකෝන්(Deepika Padukone) කියන්නේ තම නම බොක්ස් ඔෆිස් වාර්තා අතර රඳවන්නට සමත් වූ බොලිවුඩ් තාරකාවක්. එහෙත් ඒ විජයග්‍රහණය සැබෑ සතුටක් බවට පත් කරගැනීමට නොහැකි හේතුවක් අගේ ජීවිතයේ තිබෙනවා. මෙය ඇගේ රසික රසිකාවියන්ට ඇදහිය නොහැකි පුවතක් විය හැකියි. එහෙත් දීපිකා පදුකෝන්(Deepika Padukone) පවසන්නේ ඇය Happy New Year චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමටත් පෙර සිට ම මානසික ආතතියෙන් පසු වූ බවයි.   මානසික ආතතියෙන් පෙලෙන විට කිසි දෙයකින් තෘප්තියක් නොලැබෙන බවත් කිසිම දෙයක සාර්ථකත්වය පිළිබඳ හැඟීමක් ඇති නොවන බවත් දීපිකා පවසනවා. ඇය අධික ලෙස කාර්යබහුල වී සිටීමත් මෙම තත්වයට පත් වීමට මූලික වී තිබෙනවා.

   කෙසේ වෙතත් ඇය මේ වන විට ඒ උදෙසා ප්‍රතිකාර ගනිමිනුයි සිටින්නේ. දීපිකා(Deepika Padukone) ගේ පවුලේ වෛද්‍යවරයා විසින් ඇය ව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබෙනවා. එමෙන් ම ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සුවතාවය වෙනුවෙන් වූ අංශය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරනවා.

   ආතතිය තිබෙන බව පිළිගෙන ප්‍රකාශ කිරීම තුළින් පුදුමාකාර නිදහසක් භුක්ති විදින බව දීපිකා(Deepika Padukone) සතුටු සිතින්  ප්‍රකාශ කර තිබෙනවා.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment