බොලිවුඩයේ අමිතාබ් බච්චන් ( Amitabh Bachchan ) ගේ සහ කොලිවුඩයේ ධනුෂ් ( Danush ) ගේ රංගනයෙන් හැඩවූ ශමිතාබ් ( Shamitabh ) චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණ තිබේ. එය තිරගත වූ පළමු දිනයේදීම කොටි 3.5ක ආදායමක් උපයා තිබේ. ඒ සමඟම හොලිවුඩය තුළ කතා බහට ලක්වන චරිතයක් බවට පත් වී තිබෙන ධනුෂ් ( Danush ) ඉපදී තිබෙන්නේ 1978 වර්ෂයේ ජූලි මස 28 වෙනි දාය. ඔහුගේ සම්පුර්ණ නම වෙන්කෙට්ශ් ප්‍රභූ කස්තුරි රාජා නම් වේ. 2002 වර්ෂයේ දී සිනමාවට පිවිසීමත් සමඟ ධනුෂ් (Danush ) යනුවෙන් නම වෙනස් කරගත් මොහු දක්ෂතා ගණනාවකින් පිරිපුන් රංගන ශිල්පියෙකි. රංගනයට අමතරව නිෂ්පාදකවරයෙකු ලෙස, තිර පිටපත් රචකයෙකු ලෙස මෙන්ම පසුබිම් ගායකයෙකු ලෙස ද සිනමා කර්මාන්තයට දායක වී ඇත.
කොලිවුඩයේ රජු ලෙස විරුදාවලි ලත් රජිනිකාන්ත් ( Rajinikanth ) ගේ දියණිය සමඟ 2004 වර්ෂයේදී යුග දිවියට එළඹී ධනුෂ් (Danush ) දෙදරු පියෙකි. 2006 වසරේදී ඔහුගේ කුළුදුල් දියණිය යාත්‍රා උපත ලද අතර ලින්ගා උපත ලැබුවේ 2010 වර්ෂයේදී ය.
Thulluvadho Ilamai චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ධනුෂ් (Danush ) ගේ දෙවැනි චිත්‍රපටය වන Coming Up Age චිත්‍රපටය ඔහුගේ පියාගේ අධ්‍යක්ෂණයකි. ඔහු 2011 වසරේදී රංගන දායකත්වය සැපයූ Aadukalam චිත්‍රපටයේ රංගනය උදෙසා National Film Award සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 2014 වසරේ Film Fair Award සම්මාන උළෙලේදී සම්මාන 05කට හිමිකම් කීමට ඔහුට හැකි විය. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් 25ක් ම බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණ ඇත.
කොලිවුඩය ජයගත් ධනුෂ් ( Danush ) තම සිහින තරුව වූ අමිතාබ් බච්චන් සමඟ බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට ලැබීම තමන් ලද ඉමහත් භාගයක් බව මාධ්‍යට පැවසීමට තරම් නිහතමානී විය. එමෙන් ම ඔහු මෙම Shamitabh චිත්‍රපටයේ රංගනය උදෙසා හින්දි භාෂාව හදාරා තිබීමද ඔහුගේ ක්ෂේත්‍රය කෙරෙහි දක්වන කැපවීම නිරූපණය කරන්නකි.
කොලිවුඩයෙන් පැමිණ බොලිවුඩය ජයගත් ධනුෂ් (Danush)
Aadukalam
,
Amitabh Bachchan
,
Bollywood
,
Danush
,
Kolliwood
,
naluwo
,
Rajinikanth
,
Shamitabh
,
Thulluvadho Ilamai
,
ධනුෂ්
,
නළුවෝ
,
බොලිවුඩ්
Edit
0 comments :
Post a Comment