loading

"තෝරා බේරාගෙන රඟපාන්න ගියොත් ගමනක් යන්න අමාරුයි" ධනංජි තාරුකා Dananji Tharuka

   ධනංජි තාරුකා ( Dananji Tharuka ) මේ දිනවල පුංචි තිරයෙන් නිතර දකින මුහුණක් බවට පත් වෙලා. වෙළඳ දැන්වීම් රැසකින් වගේම මේ දින වල විකාශය වන ටෙලි සිත්තම් කිහිපයකින් ම ඇය ඔබේ ආලින්දයට පැමිණෙනවා. දෙරණ නාලිකාවේ විකාශය වන කොම්බි ටෙලි නාට්‍යයේ මෙන් ම සිරස නාලිකාව ඔස්සේ විකාශය වන සුජාතා සහ ස්වර්ණ වාහිනියේ ෆේස්බුක් ටෙලිනාට්‍ය හරහා ද රසික පිරිස අතරට පැමිණෙන ඇය කලා ක්ෂේත්‍රයට පැමිණියේ වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීම හරහායි.

   ධනංජි තාරුකා ( Dananji Tharuka )  හිරු තනිවෙලා නාට්‍යය හරහා ප්‍රේක්ෂක අවධානය නොඅඩුව ලබා ගැනීමට සමත් වුණා. එයින් ආලෝකවත් වූ ඇගේ ගමන් මග එකිනෙකට වෙනස් චරිත ඔස්සේ ජනාදරයට පෙත් වෙමින් තව බොහෝ පියවර සඳහා ආලෝකයක් වී තිබෙනවා. ඇය පවසන පරිදි කොම්බි සහ  ෆේස්බුක් චිත්‍රපට වල රංගනයන් සඳහාද ඇයට ඉතා උණුසුම් රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇය රංගනයෙන් දායක වන නිර්මාණ එකිනෙකට වෙනස් ඒවා වීම ඒවා රසිකයින් විසින් ආදරයෙන් වැළඳ ගැනීමට ප්‍රධාන හේතුව වන බවයි ඇය පවසන්නේ.

   කෙටි කාලයක් තුළ මෙතරම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ඇය ලැබෙන චරිත තෝරා බේරා ගැනීමකින් තොරව බාර ගැනීම හේතුව වන බවට ඇතැමුන් විසින් චෝදනා කරන්නට පුළුවන්. එහෙත් ඇය ( Dananji Tharuka ) පවසන්නේ ක්ෂේත්‍රයට පැමිණ එහි ස්ථාවර වන තුරු එවන් ආකාරයක තෝරා ගැනීමක් කිරීම අපහසු බවයි. කෙසේ වෙතත් ඇය මින් පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ මෙන්ම ඉදිරියේදී දායක වන නිර්මාණ ද ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගනු ඇති බවට ය විශ්වාස කරනවා.

   ඉදිරියේදී ඇය ( Dananji Tharuka ) රංගනයෙන් දායක වූ ටෙලි සිත්තම් කිහිපයක් ම තිරගත වීමට නියමිතයි.  චන්ද්‍රරත්න මාපිටිගම විසින් අධ්‍යක්ෂණය කළ "පට්ට භවන", මංජුල කරුණාරත්න ගේ" වස්සානේ යමි" , රවින්ද්‍ර විජේරත්නගේ "සඳ එළිය වාගේ" යන නවතම ටෙලි සිත්තම් තුළින් ඇය ඉදිරියේදී පුංචි තිරය හැඩ කරන්නට නියමිතයි. 

   ජනප්‍රියත්වයට ඇය ( Dananji Tharuka ) බොහෝ ප්‍රිය කරනවා. ඇය පවසන්නේ ජනප්‍රියත්වය ලැබෙන්නේ බොහොම වාසනාවන්ත සුළුතරයකට බවයි. එම නිසා ම දිනයක හොඳම නිළිය සම්මානය හිමිවනවාට වඩා ජනප්‍රිය නිළිය සම්මානය හිමිවනවා ට ඇය කැමැත්තෙන් සිටිනවා.එහෙත් ඇයට සම්මාන පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. ජනතා ප්‍රසාදය තරම් සම්මානයක් තවත් නැති බව ඇය විශ්වාස කරනවා.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment