loading

මූණු පොතින් ඔබ හමුවට එන සුරූපිණිය චතුනි නිවර්තනා ( Chathuni Nivarthana )

    ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය යනු සුරුපිණියන් රජයන තැනකි. නවක මුහුණු නිරන්තරයෙන් ම කරළියට පැමිණෙන නමුත් එහි පැවැත් ම තහවුරු කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. චතුනි නිවර්තනා ( Chathuni Nivarthana ) නැමති මූණු පොත ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන සුරුපිණිය ක්ෂේත්‍රය පිළිබඳ වෙනස් ම දැක්මක් සහිත තැනැත්තියකි.

   ජනප්‍රියත්වය හබා යාමට වඩා දක්ෂ නිළියක වීම අරමුණ කරගත් ඇය වෘත්තීය රංගන ශිල්පිණියක් වන්නට අපේක්ෂා නොකරයි. ඇය රංගනයට අවතීර්ණ වී තිබෙන්නේ සිතේ තිබුණු ආශාව මුදුන්පත් කර ගැනීමේ අරමුණින්.වත් පොත ටෙලි සිත්තමට දායක වන්නට පෙර ඇය සුmiත්‍රා රාහුබද්ධ ( Sumithra Rahubadda ) ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ , රෙජිනෝල්ඩ් ජයමාන්න ( Reginald Jayamanna ) විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "ලෝබ නොසිඳේයා" ( Loba Nosideya ) ටෙලි නාට්‍යය සඳහා  මෙන් ම වෙද මුදියන්සේ ( Weda Mudiyanse ) ටෙලිනාට්‍යය සඳහා ද රංගනයෙන් දායක වී ඇත. වෙද මුදියන්සේ ටෙලි සිත්තම තුළ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ චතුනි ක්ෂේත්‍රයට පැමිණියේ මෝස්‌තර නිරුපිකාවක් ලෙසිනි.
 නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ සමාජය තුළ පවතින අප්‍රසාදය එම ක්ෂේත්‍රයේ රැදී සිටි මුල් පිරිස ගේ දුෂ්චර්යාවන් නිසා ඇති වූවක් වුවත් එහි නරක ප්‍රතිඵල වලට මුහුණ පෑමට සිදුවී තිබෙන්නේ වත්මන් පරපුරට බවයි ඇය පවසන්නේ. එහෙත් මෙරට නිරුපිකාවන් විසින් ජාත්‍යන්තරය පවා නියෝජනය කිරීම දක්වාම අද වන විට නිරූපණ ක්ෂේත්‍රය දියුණු වී තිබෙන බව ඇය පෙන්වා දෙනවා.


   ක්ෂේත්‍රයට අලුතින් පැමිණෙන බොහෝ තරුණියන්ට විවිධ යුතු යෝජනා සහ පලපෑම් වලට මුහුණ දීමට සිදු වුණත් එවන් ගැටළු වලට මුහුණ දීමට චතුනි ට සිදු වී නෑ. එහෙත් ඇය පවසන්නේ එවන් පටු පරමාර්ථ සහිත පිරිස් ක්ෂේත්‍රයෙන් එළවා දැමිය යුතු බවයි. ඇයට කවුරුන් හෝ එවන් කරදරයක් සිදු කිරීමට පැමිණියොත් සැර පරුෂ වචන භාවිතා කරන්නට සිදුවන බවයි ඇය පවසන්නේ. චතුනි නිවර්තනා ( Chathuni Nivarthana ) තරමක් සැර චරිතයක් වුවත් ඒ නපුරු කම් පෙන්වන්නේ නපුරු මිනිස්සුන්ට පමණයි ලු.

   තමන් සතු ලොකු ම දුර්වල කම ඉවසීම අඩු කම නිසා ඉවසීම  ප්‍රගුණ කිරීමට අවශ්‍ය බව ඇය සිතනවා. එහෙත් ඇය මිනිසුන් පමණට වඩා විශ්වාස කිරීම ඇගේ ලොකුම මෝඩ කම ලෙස දකිනවා.

   වැඩිපුර කොට ඇදුම්  ඇන්ද ද එවන් ඇදුම් නුසුදුසු  තැන් වලට එසේ නොඅදින බවයි ඇය පවසන්නේ.ඕනේ තැනටයි එපා තැනටයි කොටට ඇදීමේ පුරුද්දක් ඇයට නැතිලු.

   පසු ගිය කාලයේ ඇයට පෙම්වතෙක් සිටියත් මේ වන විට චතුනි නිවර්තනා ( Chathuni Nivarthana ) ට පෙම්වතෙක් නෑ. මව පියා සහ සොයුරෙක් පමණක් සිටින පවුලේ එකම දියණිය වන්නේ ඇයයි. ඇගේ නැන්දලා දෙදෙනෙක් ද ඔවුන්ගේ කුඩා පවුලත් සමඟ ජීවත් වනවා.

   මෙවන් ගමනක් පැමිණීමේ දී චන්න සෙනවිරත්න ( Channa Seneviratne ), මහේන්ද්‍ර පෙරේරා ( Mahendra Perera ), නාලන් මෙන්ඩිස් ( Nalan Mendis ) වැනි ප්‍රවීණයන්ගෙන් ලද අත්වැල ඉමහත් ශක්තියක් වූ බව ඇය පවසනවා. ඇය ඉක්මන් කේන්ති කාරියක් වුවත් හදවතින් ඉතාමත් හොඳ සංවේදී තරුණියක් ලෙසිනුයි ඇය ඇයව හදුන්වා දෙනු ලබන්නේ.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment