loading

British Academy Film Awards

   පසු ගිය ජනවාරි මස 20 වන දින British Academy Film Awards හී නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ම  සිනමාවට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස ගේ මෙන් ම ඒ පිළිබඳ ඇල්මක් දක්වන බොහෝ දෙනා ගේ අවධානය British Academy Film Awards  වෙත යොමුවී තිබුණි. එම බලාපොරොත්තුව යථාර්තයක් බවට පත් කරමින් විශිෂ්ටයන් අතරින් විශිෂ්ටතමයන් ඇගයීමට පත් කරනු වස් පෙබරවාරි 08 වැනි දින බ්‍රිතාන්‍ය චිත්‍රපට උළෙල (British Academy Film Awards) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. උළෙල ඇරඹියේ සුප්‍රසිද්ධ කැස්බියන් සංගීත කණ්ඩායමේ ස්වීට් ගීතයෙනි. මෙම උත්කර්ෂවත් මංගල්‍යය බී බී සී නාළිකාව තුළින් සජීවී ලෙස විකාශය කරන ලදී.

   බ්‍රිතාන්‍ය සිනමාවේ පිබිද එන බලාපොරොත්තුව හෙවත් නැගී එන නළුවා සම්මානය ජැක් ඕ කොනල් (Jack O'Connell)සතු විය. Boy Hood සිනමා නිර්මාණය හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර  හොඳම  අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ත්‍රිත්වයකට ම Boy Hood චිත්‍රපටයට හිමි විය.එම චිත්‍රපටය සම්මාන 5ක් සඳහා නිර්දේශ වී තිබුණි.හොඳම බ්‍රිතාන්‍ය චිත්‍රපටය ලෙස The Theory of Everything චිත්‍රපටය සම්මානයට බදුන් වූ අතර හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය Citizenfour චිත්‍රපටය විසින් දිනා ගනු ලැබීය. හොඳම විදෙස් චිත්‍රපටය වූයේ (ඉංග්‍රීසී බසින් නිර්මාණය කරන ලද) පෝලන්ත චිත්‍රපටයක් වූ Ida චිත්‍රපටයයි.


   හොඳම නළුවා සම්මානය අසහාය රංගන ශිල්පියෙකු වූ එඩී රෙඩ්මෙයන් (Eddie Redmayne) සතු වූයේ The Theory of Everything චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. එමෙන් ම මෙවර හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූයේ Still Alice චිත්‍රපටයේ වෛද්‍ය ඇලිස් හෝවුලන්ඩ් ගේ චරිතය වෙසෙස් අයුරින් නිරූපණය කළ ජුලියන් මුවර් (Julianne Moore)විසිනි.

   The Grand Budapest Hotel චිත්‍රපටය වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වූ චිත්‍රපටය වන අතර වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගනු ලැබූ චිත්‍රපටය ද විය. හොඳම ස්වතන්ත්‍ර තිර රචනය (අන්තෝනි මක්කාට්න්)සම්මානය මෙන්ම හොඳම චිත්‍රපට සංගීතය (ඇලෙක්සැන්ඩර් දෙස්ප්ලැට් ) යන සම්මානයන් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.


   හොඳම සහය නළුවා ලෙස Whiplash හී ටෙරන්ස් ෆ්ලෙචර් ගේ චරිතයට පණ පෙවූ ජේ. කේ. සීමන්ස් (J. K. Simmons) සම්මානයට පාත්‍ර වූ  අතර හොඳම සහය නිළිය සම්මානය Boyhood චිත්‍රපටයේ ඔලිවියා එවන්ස් ලෙස රඟපෑ පැට්‍රිෂියා ආකියුට් (Patricia Arquette) හට හිමි විය.


   හොඳම සජීවී කරණ චිත්‍රපටය ලෙස The Lego Movie චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබූ අතර එය පිල් ලෝඩ් ගේ සහ ක්‍රිස්ටෝපර් මිලොර් ගේ නිර්මාණයකි. බ්‍රයන් ජේ ෆල්කොනර්, මයිකල් ලේනොක්ස් සහ රොනල් බ්ලේ ගේ නිර්මාණයක් වූ Boogaloo and Graham චිත්‍රපටය මෙවර හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.


   ඇමරිකන් ස්නයිපර් චිත්‍රපටය හොඳම අනුවර්තිත පිටපත සහ හොඳම ශබ්ද යන සම්මාන ද්විත්වය සඳහා නිර්දේශ වී තිබුණ ද කිසිදු සම්මානයකට හිමි කම් කීමට අපොහොසත් විය.එය බොහෝ පිරිසකගේ අවධානයට බදුන් වූ කරුණකි.


   මෙම උළෙලේදී මයික් ලෙයි ගෞරව සම්මානයෙන් පිදුම් ලබන ලදී. ඔහු අධ්‍යක්ෂක වරයෙකු මෙන් ම රචකයෙකු ලෙස සිනමාවට සහ නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් මෙසේ සම්මානයට බදුන් විය.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment