loading

මහත් වෙන්න කිරිබත් කාපු නළුවා

මේ කියන්න යන්නේ කිරිබත් කාලා ඇග හදාගත්ත නළුවෙක් ගැන. මේ නළුවා ක්ෂේත්‍රයට එද්දී ඔහුට තිබුණේ බොහොම කෙට්ටු ශරීරයක්. දවසක් මිත්‍රයෙක් ඔහුට ඇග හදාගන්න කියලා හොඳ උපදේශයක් දුන්නලු. මිත්‍රයා කියලා තියෙන්නේ උදේ කෑමවේලට කිරිබතුයි , ඇඹුල් කෙසෙලුයි කෑවම ලස්සනට ඇග පත මහත් වෙලා එනවා කියලයි. ඉතින් මේ කියන රංගන ශිල්පියා මිත්‍රයාගේ උපදේශය බොහොම කැමැත්තෙන් පිළි අරගෙන. කිව්වා වගේම ප්‍රතිඵලත් ලැබිලා. ඇග පත මහත් වෙද්දී තමයි මේ කියන රංගන ශිල්පියාට හොඳ චරිතත් ලැබිලා තියෙන්නේ.කොහොම වුණත් මහත් වෙන්න කියලා කිරිබත් කන්න පුරුදු වුණාට තවමත් මේ පුරුද්ද ඔහුට අත ඇර ගන්න අමාරුයි ලු. කොහේ හරි උදේ කෑමකට ගියොත් හරි උදෑසනක තියෙන උත්සවයකට සහභාගී වුණොත් හරි කෑම මේසේ කිරිබත් තියෙනවද කියලා බලන්න නම් ඔහු අමතක කරන්නේ නෑ. ඒත් ඔහුගේ පුරුද්ද ගැන ඔහුගේ බිරිඳවත් දන්නේ නැතිලු. ඉතින් ඔක්කොම කිවුවට මේ කවුද කියලා කිව්වේ නෑනේ. මේ වෙන කවුරුවත් නෙවෙයි. දක්ෂ කුසලතාපුර්ණ අපේ දයාබර කලාකරුවා මිහිර සිරිතිලක ( Mihira Sirithilaka ).

Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment