සිනමා ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන්නට දක්ෂකම මෙන් ම වාසනාව ද නොඅඩුව අවැසි වේ. බොලිවුඩ් සිනමාවේ ඇතැම් තරු ගිලිහී වැටෙන්නට මෙන් ම සුදීපවත් ව බැබළෙන්නටත් එකී වාසනා ගුණය බලපාන්නට ඇත. බොලිවුඩයේ සුපිරි තරු කිහිපයක සිනමා ක්ෂේත්‍රයේ පැමිණි ගමන් මග දෙස හැරී බැලීමේ දී ඔවුන්ගේ සිනමා දිවියේ එවන් තීරණාත්මක මං සන්ධි මොනවාදැයි හදුනාගත හැකිවේ.
දීපිකා පදුකෝන් ( Deepika Padukone ) යනු බොලිවුඩ් සිනමා අඹරෝරේ දීප්තිමත් ම තාරකාවන්ගෙන් එකකි. ඕම් ශාන්ති ඕම් ( Om Shanti Om ) චිත්‍රපටයේ ප්‍රබල රංගනයක් හරහා සිනමාවට පිවිසි දීපිකා පදුකෝන් ( Deepika Padukone ) ඉන් පසු බොලිවුඩ් සිනමාවට අවැසි ම චරිතයක් බවට පත් විය. එහෙත් ඇගේ ගමන් මගේ විවිධ බිදවැටීම් නැගීසිටීම් දක්කනට හැකි විය. ඕම් ශාන්ති ඕම් ( Om Shanti Om ) චිත්‍රපටයෙන් පසු ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් ම අසාර්ථක ඒවා විය. එහෙත් ඇගේ සිනමා දිවියේ නොමැකෙන පියසටහනක් තුළින් නැවතත් මතු වන්නට ඇයට හැකි විය, ඒ තීරණාත්මක චිත්‍රපටය වූයේ හෝමි අද්ජාතියා( Homi Adajania ) විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ කොක්ටේල් ( Cocktail ) චිත්‍රපටයයි. ඒ හරහා ඉමහත් ජනාදරයට පත් දීපිකා පදුකෝන් ( Deepika Padukone ) ඉන් පසු චෙන්නායි එක්ස්ප්‍රස් ( Chennai Express ) , හැපී නිව් ඉයර් ( Happy New Year ) , යේ ජවානි හේ දිවානි ( Ye Jawani He Diwani ) චිත්‍රපට හරහා සිනමා ලෝකය ජය ගත් නමුදු ඇගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය වූයේ කොක්ටේල් ( Cocktail ) චිත්‍රපටයයි.
ෂාහිඩ් කපූර් ( Shahid Kapoor ) යනු මනා රංගන පෞර්ෂයකින් හෙබි බොලිවුඩ් නළුවෙකි. මිලේන්ගේ මිලේන්ගේ ( Milenge Milenge ) , තේරී මේරී කහානි ( Teri Meri Kahaani ) , ආර්...රාජ්කුමාර් (R... Rajkumar ) වැනි ආදයාම් වාර්තා බිද දැමූ චිත්‍රපට ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට අතර වේ. එහෙත් ෂහීඩ් කපූර් ( Shahid Kapoor ) ගේ කලාවේ ගමන් මග තුල තීරණාත්මක ම කඩයිමක් වූයේ හයිදර් ( Haider ) චිත්‍රපටය බව නොඅනුමානය. එය ඔහුගේ සිනමා දිවියේ ඔහු තැබූ ප්‍රබලතම පියවරකි. ඔහු කෙතරම් කුසලතා පුර්ණ රංගන ශිල්පියෙක් ද යන්න සිනමලෝලින් අවබෝධ කරගනු ලැබූයේ ශේක්ෂ්පියර් ගේ හැම්ලට් නාට්‍ය ඇසුරෙන් නිමැයු හයිදර් ( Haider ) සිනමා සිත්තම තුළිනි. හයිදර් ෂාහිඩ් කපූර් ( Shahid Kapoor ) ගේ සිනමා දිවිය පියවර ගණනකින් ඔසවා තැබූ නිර්මාණයක් වන්නේ එබැවිණි.
ආලියා බාත් ( Alia Bhatt ) ඉතා හුරුබුහුටි යොවුන් නිළියකි. කරන් ජෝහාර් ( Karan Johar ) ගේ කොෆී විත් කරන් ( Koffee With Karan ) වැඩසටහන නිසා ඇය පිළිබඳ මතු වූයේ විහිළු පුවත් මවන චරිතයක ප්‍රතිරූපයකි. ආලියා බාත් ( Alia Bhatt ) ක්ෂේත්‍රයට පිවිසියේ කරන් ජෝහාර් ( Karan Johar ) ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් ( Student Of The Year ) චිත්‍රපටය තුළිනි. එහෙත් ඇය සම්මානනීය තරුවක් බවට පත් කරනු ලැබූයේ ඉමිටියාස් අලී ( Imtiaz Ali ) විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හයිවේ ( Highway ) චිත්‍රපටය තුළිනි. ආලියා බාත් ( Alia Bhatt ) විසින් විචාරකයන් පවා නිරුත්තර කරන ආකාරයේ සාර්ථක රංගනයකින් බොලිවුඩය වසඟයට පත් කළේ හයිවේ ( Highway ) සිනමාපටය තුළිනි. එනිසාම හයිවේ ( Highway ) චිත්‍රපටය යනු ඇගේ සිනමා දිවියේ නොමැකෙන මංසලකුණකි. මෙය 2014 දී තිරගත වූ චිත්‍රපටයක් වන අතර එම වසරේ ම ඇය රංගනයෙන් දායක වූ 2 ස්ටේට් ( 2 States ) සහ හම්පටි ශර්මා කී දුල්හානියා ( Humpty Sharma Ki Dulhania ) චිත්‍රපට ද තිරගත විය.
සල්මන් ඛාන් ( Salman Khan ) යනු අවිවාදයෙන් ම තරු අතර සුපිරි ම තරුවකි. ලොවක් සුපතල ඛාන් තුන්කට්ටුව නියෝජනය කරන ඔහු හිතුවක්කරයෙක් ලෙස ප්‍රසිද්ධය. නිරන්තර පුවත් මවන චරිතයක් මෙන් ම කරදර වලට අත වනන චරිතයක් ලෙස ද සල්මන් ඛාන් ( Salman Khan ) බොලිවුඩයේ ප්‍රසිද්ධියට පත් ව ඇත. එනිසාම ඇතැම් අවස්ථාවල ඔහුගේ සිනමා දිවිය බිඳ වැටෙන බවට අඳුරු වළාවන්ගෙන් පිරී ගිය අවස්ථා ද තිබේ. එහෙත් සල්මන් ඛාන් ( Salman Khan ) යනු බොලිවුඩයේ සුපිරි තරු අතර නොගිළිහෙන තාරුවකි. ඒ වාසනාව ඔහුට වෝන්ටඩ් ( Wanted ) චිත්‍රපටය හරහා ගෙන ආවේ ප්‍රභූ දේවා ( Prabhudheva ) විසිනි. ප්‍රභූදේවා ( Prabhudheva ) ගේ පළමු අධ්‍යක්ෂණය වූ වෝන්ටඩ්( Wanted ) සල්මන්ගේ සිනමා ජීවිතයේ දෙවැනි උපත විය. ඔහු ඉන්පසු රඟපෑ චිත්‍රපට කිහිපයක් ම ජනප්‍රිය වන්නට ද එය හේතු විය.
විකාෂ් බාල් ( Vikas Bahl ) ගේ ක්වීන් ( Queen ) චිත්‍රපටය යනු පසු ගිය වසරේ බොලිවුඩයේ සිනමාලෝලීන් ආදරයෙන් වැළඳගත් චිත්‍රපටයකි. සම්මානනීය ක්වීන් ( Queen ) චිත්‍රපටයේ ප්‍රබල රංගන භූමිකාවක් නිරූපණය කළ කන්ගනා රනවුට්( Kangana Ranaut ) සිය සිනමා දිවියේ නොමැකෙන සටහනක් තැබුවාය. ඇය බොලිවුඩ් සිනමාවේ ගෞරවාදරයට බදුන් වන චරිතයක් බැවින් මෙය ඇගේ කලාවේ මතු මගට ආලෝකයක් ගෙනෙනු නොඅනුමානය.
0 comments :
Post a Comment