loading

පිං පොං මල්ලි මානෙල් අක්කට කියපු බොරුව

   රජිත හිරාන් (Rajitha Hiran) කියන්නේ රිදී තිරයේ විතරක් නෙවෙයි පුංචි තිරයේත් විකට නළුවෙක් ලෙස සුප්‍රසිද්ධියට පත් චරිතයක්. ඒත් හිටපු ගමන් එදිනෙදා ජීවිතයේදීත් පිං පොං හොඳ අන්දරේ කෙනෙක් වෙන අවස්ථා නැතුවම නෙවෙයි. මේක වෙලා තියෙන්නේ පසු ගිය නත්තල් මාසේ. පිං පොං ගේ බිරිඳත් කිතුණු බැතිමතෙක් නිසා නත්තල් ලං වෙද්දී කට්ටියම  ටිකක් කාර්යබහුල වෙලා. ඔහොම ඉන්න අතරේ පිං පොනං ට කෝල් එකක් ඇවිත් තියෙනවා. කෝල් එක දීල තියෙන්නේ පෙර පාසල් ගුරුවරියක්. ඇය පෙර පාසලේ කළා උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට රජිත ට ආරාධනා කරලා. උත්සවේ තිබිලා තියෙන්නේ දෙසැම්බර් 24 වෙනිදා . ඒ කියන්නේ හරියටම නත්තලට කළින් දවසේ. එවලේ බෑ නොකියා එක කටටම හා කිවුවට මොකද තිබුණ වැඩත් එක්ක කාලය වෙන් කරගන්න එක ලේසි වෙලා නෑ.

   මේ වෙලේ තමයි රජිතට අන්දරේගේ නුවණ පහළ වෙලා තියෙන්නේ. රජිත ඉක්මනින් ඇමතුමක් අරගෙන මානෙල් වානගුරු (Manel Wanaguru) ට. රාජිත එයාගේ ලොකු අම්මගේ දුවගේ පෙර පාසලේ කළා උළෙලට මානෙල් වානගුරු කලා ශිල්පිණියට ආරාධනයක් තියෙනවා කියල තමයි ඇමතුම අරගෙන කියල තියෙන්නේ.


  රජිත ගේ ලොකු අම්මගේ දුවගේ වැඩක් නිසා  අහක දාන්න බෑනේ. ඉතින් මානෙල් වානගුරු (Manel Wanaguru) තියෙන වැඩ ඔක්කොම එහා මෙහා කරගෙන වැඩේට සහභාගී වෙලා. පෙරපාසලේ උදවිය ඇයව බොහොම ආදරයෙන් පිළිගෙන තියෙනවා.


   ඉතින් පසු දවසක මානෙල් වානගුරුට පිං පොං ව හමුවුණ වෙලාවක මම ඔයාලගේ ලොකු අම්මගේ දුවගේ පෙරපාසලේ වැඩේට ගියා කියලා කියල තියෙනවා.


   ලොකු අම්මගේ දුව වෙනවා තියා ඔය ටීචර්ව මම ඇහැටවත් දැකලා නෑ කියලා පිං පොන් කියද්දී මානේල්ට මොනවා හිතෙන්න ඇද්ද? කරපු වැඩේ නිසා තවමත් දැක්ක තැන පිං පොන් මානෙල් වානගුරු(Manel Wanaguru) ගෙන් ලස්සන බැණුම් ටිකක් අහගන්නවලු.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment