loading

සිද්ධාර්ත්-ආලියා පෙම් පුවත

   හුරුබුහුටි බොලිවුඩ් සුරුපිණිය ආලියා බාත් ( Alia Bhatt ) ඇගේ ආදර අන්දරය පසු ගිය දිනක ලොවටම හෙළි කළාය. එය මෙතෙක් රහසක් ලෙස පැවතිය ද බොහෝ කලකට පෙර ඇරඹි පෙම් කතාවකි. දෙදෙනාම රංගනයෙන් දායක වූ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් ( Student of the Year ) චිත්‍රපටය රූගත කරන කාලයේ සිටම පෙම්වතුන් ලෙස ආලියා බාත් ( Alia Bhatt ) සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා ( Siddharth Malhotra ) ඇසුර පැවතුණු බවට බොහෝ දෙනා පවසන්නට විය. එහෙත් දෙදෙනා මෙතෙක් කල් ඔවුන්ගේ ඇසුර ප්‍රසිද්ධ නොකිරීමට වග බලා ගෙන තිබේ. එහෙත් මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී දෙදෙනා ඉතා සමීප මිතුරන් ලෙස සිටිනු දැකගත හැකි විය. කලක් රන්බීර් කපූර් ( Ranbir Kapoor ) ට පෙම් බඳින බව ප්‍රසිද්ධියේ කියා සිටි ආලියා භාත් (Alia Bhatt),  වරුන් ධාවන් ( Varun Dhawan ) සමඟ ද පෙම් සබඳතාවක් පවතින බවට කට කතා පැතිර ගොස් තිබුණි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment