එමෙන් ම ජීවිතයේ බොහෝ අභියෝග මැද නොසැළී නැගී සිටි දිරිය තාරකාවක් ලෙස ගීතා කාන්ති ජයකොඩි ( Geetha Kanthi Jayakody ) මහත්මිය හදුන්වා දෙන්න පුළුවන්. ඇගේ බොහෝ රංගනයන් රසික ප්‍රජාව ආදරයෙන් වැළඳ ගනු ලැබුවේ ඇය ( Geetha Kanthi Jayakody ) දායක වූ සියලුම නිර්මාණ වලට පාහේ සාධාරණයක් කළ රංගන ශිල්පිණියක් වූ නිසයි. ගීතා කාන්ති ජයකොඩි ට ( Geetha Kanthi Jayakodi ) ඇගේ රංගන දිවිය තුළ තෝරා බේරා වෙන්කර හුවා දැක්විය හැකි සුවිශේෂී ඒක චරිතයක් නැතත් ඇගේ රංගන දිවිය ඔපවත් කළ චරිත කිහිපයක් ම ඇය ආදරයෙන් සිහිපත් කරනවා. හිමගිරි අරණ, සෙක්කු ගෙදර, රන් දොරටුව, හිරු සොයා, යශෝරාවය යන ටෙලි සිත්තම් වල ඇය රංගනයෙන් දායක වූ චරිත මෙන් ම පූජා චිත්‍රපටයේ පූජා ගේ මව ලෙස කළ රංගනයද ඇගේ රංගන දිවියේ ඉමිහිරි මතක ගොන්නේ ඉහළින් ම තිබෙන බවයි ඇය පවසන්නේ. මෙහි දැක්වූ ඇතැම් නිර්මාණ හරහා සම්මානලාභී චරිතයක් වන්නට ද ඇයට ( Geetha Kanthi Jayakodi ) හැකියාව ලැබී තිබෙනවා.
ගාමිණී හෙට්ටිආරච්චි ( Gamini Hettiarachchi ) චරිතාංග නළුවෙක් වුවත් හාස්‍යජනක නිර්මාණ වලින් ප්‍රේක්ෂක අවධානය වැඩිපුර දිනා ගනු ලබන රංගන ශිල්පියෙක්. ඔහුට ම ආවේනික රංගන හැඩතල ඔස්සේ ඔහු දායකත්වය සපයන නිර්මාණ වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කිරීමට උත්සහ කරන රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගන දිවියේ නොමැකෙන මතක සටහන් දඩබිම ටෙලිසිතුවම හා බැදී තිබෙනවා. දඩබිම ටෙලි නිර්මාණයේ මයිකල්ගේ චරිතය සුවිශේෂී චරිතයක් බව පැවසීමට හේතු වන කාරණා රැසක් ඔහු සතුයි. ගාමිණි හෙට්ටිආරච්චි ( Gamini Hettiarachchi ) පවසන ලෙස එය බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චරිතයක් වූ අතර අදටත් ඒ පිළිබඳ ඔහුගෙන් විමසන පිරිසක් සිටිනවා.බොහෝ චරිත තුළ පුද්ගලිකව ලබා තිබෙන අත්දැකීම් වලින් ශේෂයක් හෝ දක්නට ලැබෙන අවස්ථා බහුලයි. එහෙත් මයිකල් ගේ චරිතය මන්ද මානසික තත්වයක සිටින කෙනෙකුගේ චරිතයක් වීම නිසා එවන් චරිතයකට අනුගත වීම සහ සාධාරනයක් ඉටු කිරීම තරමක් අපහසු කරුණක්. නමුත් අභියෝගාත්මක ලෙස එයට මුහුණ දුන් ගාමිණි හෙට්ටිආරච්චි ( Gamini Hettiarachchi ) අදටත් එම චරිතය පිළිබඳ මතක් කරන්නේ සතුටු සිතින් යුතුවයි.
0 comments :
Post a Comment