loading

පුංචි යාළුවන්ට ”මගේ යාළු මාළු”

    සියුමැලි දරුවන්ගේ ප්‍රශ්ණ වලට බොහෝ වැඩිහිටියන් ළඟ ඇත්තේ ගොරෝසු පිළිතුරු ය. සමහර දරුවන් වැඩිහිටියන්ට වඩා අන් අයගේ කරදර වලදී සංවේදී වනු දැකිය හැක. කුඩා වියේදී මවකගේ ඇකයේ උණුසුමත් , පියෙකුගේ ළයේ රැකවරණයත් අහිමි වී සමාජයේ අපහස උපහාස මැද අසරණ වූ දරුවෙකු මෙන් ම ඔහුට අනුකම්පාව දක්වන දැරියක සහ ඒ දෙදනා සමඟ එක වන තවත් දරුවෙකු  වටා ගෙතුණු සෙනෙහෙබර කතා පුවතක් “ මගේ යාළු මාළු” නමින් මේ දිනවල තිරගත වේ. මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය ලාල් ප්‍රියදේව මහතාගෙනි. නිෂ්පාදන පිරිවැය දරා තිබෙන්නේ ජනිත මාරසිංහ විසිනි.

   මුහුදු වෙරළේ සෙල්ලම් කරන මේ දරුවන් තිදෙනා සමඟ කුළුපඟ වන තවත් අපුරු යහළුවෙක් ද සිටී. කුඩා දරුවන්ගේ රසවින්දනය අරමුණු වූ මෙම සිනමා සිත්තම තුළින් කරළියට එන මේ මිතුරා ඩොල්ෆින් මත්ස්‍යයෙකි. ලංකාවේ දකුණු වෙරළ තීරයේ දී මෙන් ම තායිලන්තයේ ඩොල්ෆින් මසුන් සිටින ස්ථාන වලදී ද මෙහි රුගත කිරීම් සිදුකර ඇත. චාන්දනී සෙනවිරත්න, සරත් චන්ද්‍රසිරි, පියුමි බොතේජු, D.B ගංගොඩතැන්න, සේනාධි, ලිතුමික, දෙනුවන ඇතුළු කුසලතා පුර්ණ ප්‍රවීණ මෙන් ම ආධුනික රංගන ශිල්ප ශිල්පිනියන්ගේ  රංගනයෙන් හැඩ වන මේ චිත්‍රපටයේ එන ගීත සුනිල් ආරියරත්න මහතා විසින් නිර්මාණය කර තිබේ. එමෙන් ම මෙහි කාර්මික අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ සුදේශ් අසන්ත පීරිස් විසිනි.සංගීත අධ්‍යක්ෂණය එඩ්වඩ් ජයකොඩි මහතා ගෙනි.


   කුඩා දරුවන්ගේ සිතැඟි හදුනාගනිමින් ඉතා සංයමයෙන් ගොඩනගා ඇති මෙම සිනමා නිර්මාණය ලොකු කුඩා කාටත් රසවිදිය හැකි ලෙස නිර්මාණය කර තිබේ. “මගේ යාළු මාළු ” සිනමා නිර්මාණය පසුගිය මස 22 දින සිට රීගල්, ලීඩෝ,ඕඩියන් ඇතුළු CEL රිද්මා ඒකාබද්ධ මණ්ඩලයේ සිනමාශාලා වල  ප්‍රදර්ශනය කෙරේ.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment