හෙළයේ උපන් ශ්‍රේෂ්ඨතම මිනිසාගේ මව යන ගෞරව නාමය හිමි උතුම් තැනැත්තිය ඇයයි. විහාරමහාදේවිය යනු හෙළ ඉතිහාසයේ ඉතාමත් ගෞරවනීය ව ලියැවී තිබෙන නාමයකි. එකී ඉතිහාස ගත උතුම් කාන්තා චරිතය තිරයක් මත ජීවමාන කිරීමට "මහරජ ගැමුණු" චිත්‍රපටය තුළින් සාර්ථක උත්සහයක් ගෙන තිබේ. විහාරමහාදේවිය ගේ චරිතය රිදී තිරය මත ජීවමාන කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන කුසුම් රේණු මහත්මියයි. එහෙත් එහි විහාරමහා දේවියගේ තුරුණු විය නිරූපණය කරමින් රංගනයෙන් දායක වන්නේ වෙනත් තරුණියකි.
තුරුණු වියේ විහාරමහාදේවිය ගේ චරිතයට පණ පෙවීමේ වාසනාව හිමි වුයේ තාරුකා වන්නිආරච්චි නැමති යොවුන් තාරකාවට ය. මෙම දැවැන්ත සිනමාපටයේ නිර්මාණකරු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් තුරුණු වියේ විහාරමහාදේවිය ගේ චරිතය නිරූපණය සඳහා තාරුකා වන්නිආරච්චි සුදුසු බව තීරණය කිරීමට පෙර ඇගේ පවුල් පසුබිම සහ පුද්ගලික චරිතය පිළිබඳව ද සොයා බලා තිබෙනවා. විහාරමහාදේවිය ලෙසින් හැඬ ගැන්වූ පසු ඇතිවූ අභිමානණීය හැඟීම මෙන් ම මෙම කටයුත්ත සඳහා දායක වූ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ගෙන් ලැබුණු සහයෝගයද එම චරිතය සාර්ථක ලෙස නිරූපණය කිරීමට හේතු වූ බව තාරුකා පවසනවා.
කාවන්තිස්ස රජුගේ චරිතයට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ මෙන් ම විහාරමහා දේවියගේ චරිතයට පණ පොවන කුසුම් රේණු මහත්මියගේ ද සහයෝගය මේ රංගනය සාර්ථක කර ගැනීම උදෙසා තාරකාට නො අඩුව ලැබී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ රඟපාන අතරතුර බොහොම රසවත් සිදුවීමකට මුහුණ දීමට ඇයට සිදුවී තිබෙනවා. ඇය දෝලාවකින් ගමන් ගන්නා අවස්තාවක් රූගත කරමින් සිටියදී ඉදිරියෙන් සිටි අශ්වයන් දෙදෙනාගෙන් එකෙක් පිඹිමින් පැමිණ දෙවතාවක් ම තාරුකා ගේ දෝලාවට ඔලුව දාලා. එය සිහිපත් වන විට මුවගට සිනහවක් නැගෙන මතකයක් වුවද එම මොහොතේ නම් ඇය බියපත්ව මහා අයින් කෑ ගසා තිබෙනවා. කෙසේ වෙතත් අශ්වයා කලබල වුණේ ඇය දැකීම නිසා බව කියමින් තාරුකා ගේ හිතවතුන් පිරිස ඇයට විහිලු කර තිබෙන බවටයි ආරංචි වන්නේ.
මෙහි පළමු දර්ශණ පෙළ රූගත වන අතර තුර තාරකා බොහෝ ලෙස සංවේදී වී තිබෙනවා. ඇය පවසන්නේ තාත්වික බව වැඩි අවස්තාවලදී ඇයට හැඬුම් ආ බවයි. නවක නිළියක ලෙස තාරුකා ගෙන් මෙවැනි සංවේදීතාවයක් දකින්නට ලැබීම සතුටට කරුණක් බවයි ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් පවසා තිබෙන්නේ.
රිදී තිරයේ දේවියක් වුවද තිරයෙන් මෙපිට ලෝකයේදී තාරුකාගේ හදවතේ කිරුළු පලන් රජෙක් තවමත් නැති බව ඇය පවසනවා. ස්වාධීන රුපවාහිනියේ විකාශය කෙරෙන අකඩවාරිය සහ TNL රුපවාහිනියේ විකාශය වන ඇහැලමහ නිකිණිය ඔස්සේද මේ දිනවල තාරුකා වන්නිආරච්චි ගේ රංගනයන් දැකගත හැකියි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment