ආදරයෙන් පිරුණු කැදැල්ලක සතුටු උල්පතක් මවන්නට පුංචි කිරි සිනාවකට පුළුවන්. පසු ගිය දිනවල අයේෂා සඳමාලි (Ayesha Sandamali) ගේ කැදැල්ලත් කිරි සුවඳින් පිරී ගියා. එනිසාම රංගනයෙන් , නිරූපණයෙන් තියා ඡායාරුපයකින් වත් ඇයව දැකගන්නට හැකියාවක් ලැබුණේ නෑ.
අයේෂා සඳමාලි (Ayesha Sandamali) මේ විදියට හැමොගෙන් ම සැගවී සිටින්නට හේතු වී තිබෙන්නේ ඇය දරුවා පිළිසිදගත් කාලයේ අධික ලෙස තරබාරු වී සිටීමයි. එවන් ස්වරූපයකින් ඇගේ රසිකයින් හමුවට පැමිණීමට ඇය කැමති වුණේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් දැන් ඇය පෙරටත් වඩා පිරිපුන් සුන්දර තැනැත්තියක් වෙලා. ඇය නම් පවසන්නේ නැවතත් සිහින් සිරුරක් ලබා ගැනීම උදෙසා කිසිදු ව්‍යායාමයක් කිරීමට හෝ වෙහෙසක් දැරීමට ඇයට සිදු නොවුණු බවයි.
හිරු නාලිකාවෙ වින්දනීය උදෑසන වැඩසටහන මෙහෙයවමින් ඇය (Ayesha Sandamali) නැවතත් ඇගේ රසිකයින් හමුවට පැමිණ තිබෙනවා.ඉඳිරියේ දී ඇය බොහෝ නිර්මාණ සඳහා දායකත්වය සැපයීමට බලාපොරොත්තු වනවා. මවක් වුවත් තවම තරුණ වයසේ සිටින අයේෂා පෙම්වතියගේ චරිතය වුවත් රඟපෑමට සූදානමින් සිටිනවා. එහෙත් ඇය වැඩිපුර ප්‍රිය කරන්නේ ගැමි චරිතයකින් නැවත රංගනයට පිවිසීමට යි.
සක්විත්තෝ සහ ලොක්කයියා හරහා ආලින්දය හැඩකල අයේෂා සඳමාලි (Ayesha Sandamali) නිරූපණ ක්ෂේත්‍රයටම කොටු වී සිටි කාලයක් තිබුණා. එහෙත් රංගනයට පිවිසීමට ලැබුණු අවස්ථා මග හැර නිරූපණ ක්ෂේත්‍රයේම රැදී සිටීමට සිදු වීම පිළිබඳ ඇය කණගාටුවට පත් වෙනවා.
සිනමාවට සම්බන්ධ වීමට මෙතෙක් කිසිදු ආරාධනයක් නොලැබුණත් ඇය (Ayesha Sandamali) චිත්‍රපටයක් සඳහා දායක වීමට ඉතා කැමැත්තෙන් පසුවනවා. එහෙත් ඇයට ඒ සඳහා ආරාධනා නොලැබීමට හේතුව ඇය සිනමා ක්ෂේත්‍රයට නොගැළපෙන නිසා විය යුතු බවද ඇය පවසනවා.
කාර්ය බහුල කාලයේ ආරම්භ කළ ව්‍යාපාර සියල්ල බිද වැටුණු නිසා අයේෂා සඳමාලි (Ayesha Sandamali) ඒ සියල්ලම අතහැර දමා තිබෙනවා. අලුතින් රංගනයට කෙතරම් පිරිසක් පැමිණියත් එය අයේෂාට අභියෝගයක් නොවන බවයි ඇය පවසන්නේ. ඒ සියලු දෙනා සමඟ සහයෝගයෙන් ඉදිරියට වඩා යහපත් ගමනක් යන්නට අයේෂා බලාපොරොත්තුවෙන් සිටිනවා.
Home
/
Ayesha Sandamali
/
Sri Lanka
/
අයේෂා සඳමාලි
/
නිළියෝ
/
ලංකාවේ
/
නිරූපණය නිසා නිළියක් වීම පමා කළ අයේෂා සඳමාලි (Ayesha Sandamali)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment