loading

කාටත් නොකියා අශිකා අනුරාධපුරේ ගිහින් Ashika Mathasinghe

   අශිකා මතසිංහ (Ashika Mathasinghe) කියන්නේ නිතර  රුපවාහිනිය තුළින් දැකගත හැකි රංගන ශිල්පිනියක් නොවුණත් බොහෝ රසික පිරිසක් ආදරයෙන් වැළඳගත් තාරකාවක්. වෙළඳ දැන්වීම හරහා වගේම ගීත වල රූප රචනා හරහා ද දැකිය හැකි මේ සොඳුරු රූමතිය ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ද ආලින්දයට පැමිණියා. ඒත් මේ කියන්න යන්නේ නම් ඇගේ රසිකයින්ට සතුට දනවන ආරංචියක් නම් නෙවෙයි.

   අශිකා (Ashika Mathasinghe) කාලයක් යන තුරු රංගනයෙන් ඈත්ව සිටින්නට තීරණය කරලා. ඒ වගේම ඇය කාටවත් නොකියා කොළඹ අතහැරලා අනුරාධපුරේ ගිහින්. දරුවෝ දෙන්නා වගේම සැමියත් ඇය සමඟ දැන් සිටින්නේ අනුරාධපුරයට වෙලයි. ඇත්තෙන්ම අශිකා (Ashika Mathasinghe) මේ තීරණය අරගෙන තියෙන්නේ තමන් ගේ මේ පුංචි පවුල ගැන හිතලමයි. එහෙම වෙලා තියෙන්නේ ඇගේ සැමියාට අනුරාධපුරයට මාරුවීමක් ලැබුණු නිසයි. ඇගේ වැඩිමහල් දරුවා එහි පාසලකට ඇතුලත් කරලා. බාලයාට ශ්‍රී මහා බෝධිය ගාවට එක්කරගෙන ගිහින් අකුරුත් කියවලා.

   අශිකා (Ashika Mathasinghe) පුංචි පවුලත් එක්ක අනුරාධපුරේ සතුටින් කල් ගෙවනවා. ඇයට ආයෙමත් හොඳ නිර්මාණයකින් රසිකයින් අතරට එන්න ලැබෙන්න කියල අපි ප්‍රර්ථනා කරනවා.

Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment