loading

ජීවිතයේ අසීරුම අවස්ථා වලදී පවා ආත්ම විශ්වාසය ආභරණයක් කරගත් ඇන්ජලීනා ජොලී ( Angelina Jolie )


   ඇන්ජලිනා ජොලී ( Angelina Jolie ) ජීවිතයේ පැමිණෙන රුදුරු බාධක වලට නොසැළී පිළිතුරු දුන් තැනැත්තියකි.  2012 වසර ඇගේ ජීවිතයේ අභියෝගාත්මක වසරක් විය. පියයුරු පිළිකාවක් වැළදීම නිසා ඇගේ ජීවිතය ඉතා අවදානම් තත්වයකට පත්ව තිබුණි. වෛද්‍යවරු පවසා සිටියේ ජෝලි ( Angelina Jolie ) ගේ පිළිකා අවදානවා 84%ක් පමණ වන බවයි. එහෙත් ජීවිතයේ අසීරුම මොහොතක ට ඇය නොබියව මුහුණ දුන්නාය. සාර්ථක සැත්කමකින් අනතුරුව ඇය ජීවිතයට සුපුරුදු පරිදි මුහුණ දුන්නේ බාධක ආශීර්වාදයක් බවට පත් කර ගනිමිනි.

   ඇය ඇන්ජලිනා ජොලී වොයිට් යන නමින් 1975 වසරේ ජූනි මස 04 වන දින මෙලොවට ජනිත විය. මේ වන විට 39 වන වියේ පසුවන ජොලී  ( Angelina Jolie ) ක්ෂේත්‍රයට පිවිසියේ 1982 වර්ෂයේදීය. Looking to get out චිත්‍රපටය හරහා සිනමා කරළියට අවතීර්ණ වූ ඇන්ජලිනා ජොලී ( Angelina Jolie ) පළමු වරට ප්‍රධාන චරිතයක් සඳහා පණ පොවනු ලැබුවේ HackersWanted චිත්‍රපටය තුළිනි.

 ඇන්ජලිනා ජොලී (Angelina Jolie) දරුවන් හය දෙනෙකුගේ මවකි. ඇය පසුගිය වසරේදී නැවතත් විවාහ දිවියට ඇතුළු වූයේ බ්‍රැඩ් පිට් ( Brad Pitt )සමඟනි. ඒ ඇන්ජලිනා ජොලී ( Angelina Jolie ) ගේ  3න් වන විවාහයයි. ඇගේ පළමු විවාහය 1196 දී ජොනී ලී මිලර් සමඟින් සිදුවූ අතර 1999 වන විට එය දෙදරා යන්නට විය. දික්කසාදයෙන් වැඩි කලක් යන්නට පෙර 2000 වසරේදී ඇය නැවතත් විවහා දිවියට ඇතුළත් වූ අතර ඇගේ දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා වූයේ බිලී බොබ් තොරන්ටොන් නමැත්තෙකි. එහෙත් වසර 3ක් වැනි කෙටි කාලයකදී ඇගේ දෙවැනි විවාහය ද කෙලවර වූයේ දික්කසාදයකිනි.

   ඇය පච්ච විලාසිතා වලට ප්‍රිය කරන්නියකි. ඇන්ජලිනා ජොලී ( Angelina Jolie ) ගේ ශරීයේ විවිධ ස්ථාන වල ටැටූ 12ක් කොටා තිබෙන අතර ඒ සැම එකකම යම් තේරුමක් ඇති බව ජොලී ( Angelina Jolie )පවසයි.

   වෝන්ටඩ් ( Wanted ) චිත්‍රපටය ඇගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වූ අතර එමගින් රංගන දිවියේ මිල ගණන් තීරණය කිරීමේ හැකියාව ඇයට හිමි විය. ඇමරිකානු ඩොලර් මිලියන 145ක වත්කමකට හිමිකම් කියන ඇන්ජලිනා ජොලී ( Angelina Jolie ) මේ වන විට වැඩිම මිල ගණන් අය කරන හොලිවුඩ් රංගන ශිල්පිණියයි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment