රණ විරුවෙකු යනු කුමන රටක කුමන වාතාවරණයක සිටියද යුද භූමියක සිටින විට සියල්ල ජයග්‍රහණය උදෙසා කැප කරන්නට සූදානම් ව සිටින්නෙකි. ඇමෙරිකාවේ ක්‍රිස් කයිල් නමැති ස්නයිපර් වරයා ගේ චරිතාපදානයට සිනමාරූපී හැඩතලයක් එක් කරමින් ගොඩ නැගුණු ඇමරිකන් ස්නයිපර් (American Sniper) චිත්‍රපටය යුදමය පසුබිමක නිල ඇදුමකින් සැරසුණු රණ විරුවෙකුට මුහුණ පාන්නට සිදුවන කටුක ජීවිතය පිළිබඳ පිළිඹිබු කෙරෙන චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්ත වූයේ පසුගිය නොවැම්බර් මස 11 වෙනි දිනයි. උතුරු ඇමරිකාවේ යුධමය පසුබිමක් පිළිඹිබු කෙරෙන නිර්මාණ අතර වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට පත් වුයේ ද Oscar සම්මානලාභී මෙම චිත්‍රපටයි. මෙම සිනමා කෘතියේ අධ්‍යක්ෂකවරයා වන කිලින්ට් ඊස්ට්වුඩ් (Clint Eastwood) ගේ වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය ද මෙය වේ. මෙහි ක්‍රිස් කයිල් ගේ චරිතය නිරූපනය කරණු ලැබූවේ බ්‍රැඩ්ලි කූපර් (Bradley Cooper) විසිනි.
පසු ගිය දිනක මෙම සිනමා නිර්මාණය මහා ඉහළින් වර්ණනාවට පාත්‍ර කරනු ලැබූයේ ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා (Michelle Obama) විසිනි. ප්‍රවීණ කලා කරුවන්ට උපහාර දැක්වීම සඳහා පවති උත්සවයට සහභාගී වෙමින් එතුමිය පවසා කියා සිටියේ මෙම චිත්‍රපටය මේ යුගයේ ඇමරිකාවට හොඳින් ම ගැලපෙන චිත්‍රපටය බවයි. වචනයෙන් විස්තර කල නොහැකි ගැඹුරු තේමාවක් සහිත වුවත් හැඟීම් බර නිර්මාණයක් ලෙසද මෙම චිත්‍රපටය මිචෙල් ඔබාමා ආර්යාව විසින් වර්ණනාවට බදුන් කරන ලදී.
බොක්ස් ඔෆිස් වාර්තා අතර ට පැමිණි මෙම සිනමා නිපැයුම 2014 වසරේ ලොව වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපට අතරින් 30 වෙනි ස්ථානයට පත්විය. ඉරාක යුද සමයේ ඇමරිකන් ස්නයිපර් (American Sniper) වරයෙකු විසින් මිලිටරි යුද්ධයකදී මරා දැමූ වැඩිම සතුරන් පිරිසක් එනම් නිල වශයෙන් 160 (නිල නොවන පිරිස සමඟ 255)ක් මරා දමා තිබුණේ මෙම නිර්මාණයේ කතා නායකයා වන ක්‍රිස් කායිල් විසිනි. වැඩිම ආදායමක් ඉපයූ ස්වයන් චරිතාපදානය ලෙස හැඳින්වෙන කයිල් ගේ චරිතාපදානය ලියැවෙන්නේ 2009 දී ඇමරිකානු නාවික හමුදා සේවයට අභිමානනීය ලෙස සමුදීමත් සමඟයි. එය ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 2012 වසරේ මුල් භාගයේදීය.
ටෙක්සාස් හී චල්ස් කදු වැටිය අසබඩදී වෙඩි වැදී මියගිය කයිල් මිය යන විට 38 වෙනි වියේ පසුවිය. ඇමරිකන් ස්නයිපර් (American Sniper) චිත්‍රපටය තුළින් ඔහුගේ පුද්ගලික ජීවිතය පිළිබඳව ද කතා කරයි.
Home
/
American Sniper
/
Bradley Cooper
/
Clint Eastwood
/
Hollywood
/
Michelle Obama
/
ඇමරිකන් ස්නයිපර්
/
මිචෙල් ඔබාමා
/
සිනමා
/
හොලිවුඩ්
/
ඔබාමා ආර්යාවගේ අවධානය දිනා ගත් ඇමරිකන් ස්නයිපර් චිත්‍රපටය (American Sniper)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment