මහේෂ් බොලිවුඩ් සිනමාවේ සම්මාන ලාභී චරිතයක් බවට පත් විය . Saaransh, Janam, Arth, Daddy, Hum Hain Rahi Pyakare වැනි ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ චිත්‍රපට සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මාන බොහොමයක් හිමි විය.
නානභායිගේ පුත් මුකේෂ් ද මහේෂ් මෙන් ම පියාගේ අඩි පාරේ ගමන් කරනු ලැබීය. ඔහු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිෂ්පාදකවරයෙකු බවට පත් විය. තම සොයුරු මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ Jurm චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි මුකේෂ් ඉන් අනතුරුව නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් ම ෆිල්ම් ෆෙයාර් සම්මාන හිමි කරගන්නට සමත් විය. ඒ අතර Dil Hai Ki Manta Nahin, Razz, Ghulam යන චිත්‍රපට ද වේ.
නානාබායි ගේ තවත් පුතෙකු වූ රෝබීන් භාත් තිර රචකයෙක් ලෙස බොලිවුඩ් සිනමාවේ තම නම ස්ථාවර කර ගන්නට සමත් විය. Koi Mil Gaya, Aashiqu, Baazigar, Chalthe Chalthe ආදී චිත්‍රපට හැත්තෑවකට අධික ප්‍රමාණයක් සඳහා රොබීන් විසින් තිර රචනය කර තිබේ.
මහේෂ් භාත් ගේ දෙවැනි විවාහයේ දියණියක වූ පුජා භාත් ( Pooja Bhatt ) අනූව දශකයේ බොලිවුඩය වසඟ කළ සුරූපී රංගන ශිල්පිණියක් විය. ඇය ඉන් ඔබ්බට ගොස් අධ්‍යක්ෂකවරියක සහ නිෂ්පාදකවරියක ලෙස ද සිනමාලොව ජය ගත්තාය. පූජා සිනමාවට අත් පොත් තැබුවේ ඇගේ පියා (මහේෂ් භාත් ) ගේ ම අධ්‍යක්ෂණයක් වූ Daddy චිත්‍රපටය තුළිනි. ඇය හින්දි, තෙළිඟු සහ දමිළ චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක විය. ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර Paap, Dhoka, Holiday යන චිත්‍රපට ද වේ.
0 comments :
Post a Comment