බිකිණියට අකමැති අයිශ්වර්යා රායි Aishwarya Rai
රූප රාජිණියක් ලෙස කිරුළු පැළද බොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවන් අතර ඉහළින් ම දීප්තිමත් වූ අයිශ්වර්යා රායි ( Aishwarya Rai ) දරු ප්‍රසුතියත් සමඟ සිනමාවෙන් ඈත් වී සිටය ද නැවතත් සිනමාවට එක්වීමේ සුදානමකින් පසුවනවා. "බොලිවුඩ් සෙලිබ්ඩන් " වෙබ් අඩවියට පසු ගිය දිනක ඇගේ රංගනයෙන් ඔපවත් වන නවතම චිත්‍රපටය පිළිබඳ හෙළිදරව් කළ අයිශ්වර්යා රායි ( Aishwarya Rai ) මේ වන විට සුපිරි නළුවන් කිහිප දෙනෙකුගේ චිත්‍රපට සඳහා සම්බන්ධ වීමේ කැමැත්තෙන් පසුවනවා. අයිශ් ( Aishwarya Rai ) "බොලිවුඩ් සෙලිබ්ඩන් " වෙබ් අඩවිය සමඟ ඇගේ සිනමාවට පිවිසීම පිළිබඳ කතා බහට අමතරව යම් සුවිශේෂී දෙයක් පිළිබඳව ද සිය අදහස ඉදිරිපත් කර තිබුණා. එනම් ලෝක රූ රැජින තරගයේදී තරඟකාරියන් හට බිකිණි ඇදුමින් සැරසී සිටීමට සිදු වීම කිසි සේත් අනුමත නොකරන බවයි. අයිශ්වර්යා රායි ( Aishwarya Rai )එයට හේතුව ලෙස දක්වා තිබුණේ මෙවන් ඇඳුමකට අකමැති තරුණියන් ද මේ තරඟය සඳහා ඉදිරිපත් වන බැවින් එය ඔවුන්ට කෙරෙන මහත් අසාධාරණයක් බවයි.
0 comments :
Post a Comment