loading

අමීර් ඛාන් ( Aamir Khan ) ට කේන්ති ගිහින්

   පසු ගිය කාලයේ PK නිසා අමීර් ඛාන් ( Aamir Khan ) බොහෝ සෙයින් කතා බහට ලක් වන චරිතයක් බවට පත් ව සිටියා. එහෙත් පසු ගිය දිනක අමීර් ඛාන් ( Aamir Khan ) පිළිබඳ කැනේඩියානු හාස්‍යමය ශිල්පී රසල් පීටර් ( Russell Peters ) අප්‍රසාදයකින් කතා කළා. මේ අප්‍රසාදයට හේතු වෙලා තියෙන්නේ එක් හාස්‍යමය වැඩසටහනකදී සිදුවූ සිදුවීමක්. මේ වැඩසටහන සඳහා අර්ජුන් කපූර් ( Arjun Kapoor ), කරන් ජොහාර්( Karan Johar ) , අනුරාග් කාශ්‍යප් ( Anurag Kashyap ) යන අය ද සහභාගී වී ඇති අතර  මෙම වැඩසටහනේ සිදුවූ ඇතැම් සිදුවීම් ඉවසාගත නොහැකිව අමීර් ඛාන් ( Aamir Khan ) ඔවුන්ට දෝෂාරෝපණය කර තිබෙනවා. ලිංගිකත්වය සහ සමේ වර්ණය පිළිබඳ කතා කරමින් මිනිසුන් අපහාසයට උපහාසයට පත් කිරීම සාහසික ක්‍රියාවක් බවයි අමීර් ඛාන් ( Aamir Khan ) එහිදී පවසා තිබෙන්නේ. එහෙත් අමීර් ඛාන් ( Aamir Khan ) ගේ කතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් රසල් පීටර් ( Russell Peters ) නමැති කැනේඩියානු රංගන ශිල්පියා කියා තිබෙන්නේ අමීර් ඛාන් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගත්තනම් හොඳ බවයි. එමෙන් ම වැඩසටහනේ ඒක කොටසක් පමණක් නරඹා මෙසේ විවේචනය කිරීම වැරදි බවත් එක් අයෙක් කළ වරදකට එයට සහභාගී වූ සියලු දෙනා වගකිව යුතු ලෙස හැසිරීම නුසුදුසු බවත් ඔහු කියා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි “ඔහු කවුද? මහ ලොකු නළුවෙක් ලු ”  කියා අමීර් ඛාන් ( Aamir Khan ) ගැන රසල් ( Russell Peters ) කතා කරලා තියෙන්නේ නම් සතේකට ගණන් ගන්නේ නැති කෙනෙක් විදියටයි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment