හොලිවුඩයේ දැවැන්තම සිනමා මංගල්‍ය හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පසු ගිය 22 දින 87 වන වරටත් ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර එය මෙවර පැවතියේ ලොස් ඇන්ජලීස් හී ඩොලබ් ශාලාවේදීය. මෙවර හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශිත නාමයන් අතරින් එම විජයග්‍රාහී සම්මානයට හිමිකම් කීවේ Birdman චිත්‍රපටයයි. The Theory of Everything චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානයෙන් මෙවර හිමි කර ගනු ලැබුවේ එඩී රෙඩ්මයන් (Eddie Redmayne) රංගන ශිල්පියා විසිනි.
හොඳම චිත්‍රපටය ලෙස Birdman තේරී පත් වන විට හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස තේරී පත් වූයේ Birdman නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයාට වීම විශේෂත්වයකි. එම ප්‍රබල සම්මාන ද්විත්වය පමණක් නොව හොඳම සුවීය තිර රචනය (ඇලෙක්සැන්ද්‍රෝ, ගොන්සාල්වෙස් ඉනාරීතු, නිකොලොස් ගියාකොබෝන්, ඇලෙක්සැන්ඩර් දිලෙනාරිස්, ආමෙන්ඩෝ බෝ ජුනියර්) සම්මානයද Birdman චිත්‍රපටයට ම හිමි විය. හොඳම කැමරාකරණය සම්මානය දිනාගනු ලැබුවේ ද Birdman චිත්‍රපටය සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ එම්මානුවෙල් බෙලුස්කි විසිනි. මේ අනුව Birdman චිත්‍රපටය මෙවර සම්මාන උළෙලේ සම්මාන 4ක ට හිමිකම් කීමට සමත් විය.
The Grand Budapest Hotel චිත්‍රපටය ද සම්මාන හතරකට හිමිකම් කියන ලදී. එසේ සම්මානයෙන් පිදුම් ලැබුවේ හොඳම ඇදුම් නිර්මාණය -මිලෙනා කනෙනෝරෝ, හොඳම වේශ නිරූපණය - ෆ්‍රැන්සිස් හැනොන්, මාර්ක් කෝලියර් , හොඳම ස්වීය සංගීතය-ඇලෙක්සැන්ඩර් ස්ප්ලට්, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය- ඇඩම් ස්ටොක්හුසේන්(නිෂ්පාදන) සහ ඇනා පිනොක්(පසුතල) යන අංශ වෙනුවෙනි.
මෙවර හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීමේ වාසනාව ජුලියානා මුවර් (Julianne Moore) ට හිමි වූ අතර ඒ Still Alice හී සිදුකළ ප්‍රතිභා පුර්ණ රංගනය වෙනුවෙනි. Whiplash චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ජේ. කේ. සීමොන්ස් (J.K. Simmons) හොඳම සහය නළුවා සම්මානයට හිමිකම් කියන්නට සමත් වූ අතර හොඳම නිළිය සම්මානය දිනා ගනු ලැබූයේ Boyhood හී රංගනය වෙනුවෙන් පැට්‍රිෂියා ආක්යුට් (Patricia Arquette) විසිනි.
හොඳම පරිඝණක වෘත්තාන්ත චිත්‍රපටය ලෙස Big Hero 6 සම්මානයට පාත්‍ර විය. හොඳම විදෙස් චිත්‍රපටය බවට පත් වූයේ Ida නැමති පෝලන්ත චිත්‍රපටයයි. මීට අමතරව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සම්මාන විශාල සංඛ්‍යාවක් පිරිනමන ලදී. ඒ අතරින්,
*හොඳම කෙටි චිත්‍රපටය - Feast (පරිඝණක සජීවිකරණ චිත්‍රපටයකි)
*හොඳම ක්‍රියාදාම කෙටි චිත්‍රපටය- The Phone Call
*හොඳම අනුවර්තන තිර රචනය- The Imitation Game
*හොඳම ගීතය- Glorry (Selma චිත්‍රපටය )
*හොඳම සංගීත සංස්කරණය - ඇලන් රොබට් මුරේ , බබ ඇස් මාන් (American Sniper)
* හොඳම සංගීත සංයෝජනය- ක්‍රෙග් මාන්, බෙන් විල්කින්ස් , තෝමස් කෘලි (Whiplash)
ප්‍රධාන තැනක් ගන්නා සම්මාන අතර වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment