හිරිමල් විය යනු ජීවිතයේ වසන්තයයි. ඒ වසන්තයේ සුපිපි සෙව්වන්දියක් බදු ඈ නමින් ශනුද්‍රි ප්‍රියසාද්(Shanudrie Priyasad) ය. වයස අවුරුදු 3 ක් පමණ වූ පුංචි ළදැරියක් ලෙසින් සිනමා ලොවට පිවිසි ශනුද්‍රි දැන් සුරූපී තරුණියක්. කලා පවුලක බඩපිස්සිය ලෙස කුසලතාවයන් බොහොමයක් රැගෙන මෙලොවට පැමිණි ඇය රංගන ශිල්පිණියක් ලෙස රසික ආදරයට නොඅඩුව හිමිකම් කියනවා. ශනුද්‍රි රංගනයට සේම ගායනයටද දක්වන්නේ නිසඟ හැකියාවක්.
යශාන්(Yashan) නැමති තරුණ ගායන ශිල්පියා සමඟින් එක්ව ඇය ගායනා කල 'මල් සිහිනය'(Mal Sihinaya) ගීතයට ලැබුණු රසික ප්‍රතිචාර ඉතා ඉහළයි. මෙවර ශනුද්‍රි(Shanudrie Priyasad) සුදානම් වන්නේ එහි දෙවැනි දිගහැරුම (මල් සිහිනය ගීතයේ දෙවැනි ගීතය) හෙවත් ඇගේ නවතම නිර්මාණය ගීතලෝලින් අතරට රැගෙන ඒමටයි. මෙම නව ගීතයටද ශනුද්‍රි ගේ හඬට අමතරව යශාන්ගේ හඬ මුහු වෙනවා.
දැනටමත් මෙහි ඕඩියෝව පටගත කර අවසන්. නුදුරේදී ම එහි රූප රචනය සිදු කිරීමටත් ශනුද්‍රි(Shanudrie Priyasad) බලාපොරොත්තුවෙන් සිටිනවා.ඇය පවසන පරිදි ඇගේ ගීතය අසන්නටත්, දකින්නටත් ඇගේ රසිකයින් ට නුදුරෙදී ම හැකි වේවි.
මෙම නිර්මාණ දෙකට අමතරව විස්සයි විස්ස ලෝක කුසලානය අරමුණු කරගනිමින් නිර්මාණය කළ ගීතයකට ද ශනුද්‍රි ඇගේ හඬ මුහු කළා. ඇගේ සොයුරිය දිනක්ෂි ප්‍රියසාද්(Dinakshie Priyasad) , ටෙහාන්, සචිත් පීරිස්, සංගීත් ඉද්දමල්ගොඩ ,චේතනා රණසිංහ වගේම සෙන්ටිග්‍රේඩ්(Centigradz) කණ්ඩායම ද ඒ සඳහා ශනුද්‍රි සමඟ එක් වුණා.
එමෙන් ම ඇය පසුගිය දින වල තවත් ගීතයක් සඳහා දායක වී තිබෙනවා. “දෙහදක ආදරය”නම් වූ එම ගීතය සඳහා ක්‍රිශාන්, ඉශාන් ලන්ත්‍රා ,සංගීත්, දුෂ්‍යන්ත් යන පිරිසද සහභාගී වී තිබෙනවා.
ශනුද්‍රි(Shanudrie Priyasad) රංගනයෙන් බොහෝ දුරක් ගොස් සිටියද තවම ගායනයෙන් ඈ තබා තිබෙන්නේ මුල් පියවර කිහිපයක් පමණයි. එහෙත් ඇය මේ මග දිගේ බොහෝ දුර ගමනක් යන්නට සුදානමින් සිටිනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment