loading

සම්මාන ගැන ශාරුක්(Shahrukh Khan)ගේ අදහස

   මෙවර ෆිල්ම් ෆෙයාර්(Filmfare) සම්මාන උළෙලේ හොඳම නළුවා සඳහා නිර්දේශිත නාමයන් අතර ශාරුක් ඛාන්(Shahrukh Khan)ගේ නම දක්නට ලැබුණේ නැහැ. බොලිවුඩ් රසිකයන් මෙන් ම ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා එය ගැටළු සහගත බවයි පවසන්නේ. ශාරුක්(Shahrukh Khan) නම් වූ දැවැන්ත ප්‍රතිරූපය බොලිවුඩ් සිනමාවෙන් මතුව ලොව පුරා ඉන්දියාවේ සුවිශේෂී ලකුණක් ලෙස පැතිරී ගොස් තිබෙනවා. ඉන්දියාව, ඉන්දියානු සිනමාව සමඟ ශාරුක්(Shahrukh Khan)ගේ නම එකට බද්ධ වී තිබෙන බව සැබෑවක් වුවත් කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ ප්‍රබල රංග කුසලතාවට අභියෝග කළ හැකි නවකයින් ක්ෂේත්‍රයේ කිරුළු අත්පත් කරගෙන ඇතිදැයි කුකුසක්  මතු වනවා. එහෙත් පසු ගිය දිනක ලියිෆ් ඔෆ් බොලිවුඩ් වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවකදී ශාරුක් ඛාන්(Shahrukh Khan) දැක්වූ අදහස් සැලකීමේදී ඔහු මේ පිළිබඳ දරන්නේ  වෙනස් ම ආකාරයක අදහසක් බව පැහැදිළි වෙනවා.

   පසු ගිය වසරේ දී ශාරුක් ඛාන්(Shahrukh Khan) ගේ රංගනයෙන් අලංකාර වූ එක් සිනමා නිර්මාණයක් පමණයි තිරගත වී තිබුණේ. එහෙත් ඔහු රඟපෑ HAPPY NEW YEAR චිත්‍රපටය සිනමාලෝලීන් ආදරයෙන් වැළඳ ගනු ලැබුවා. එය හොඳ අදායමක් ඉපයීමට සමත් චිත්‍රපටයක් වීම නිර්මාණය කෙරෙහි වූ ප්‍රේක්ෂක ආකර්ෂණයට උදාහරණ සපයනවා. එහෙත් ශාරුක් (Shahrukh Khan) පවසන්නේ එහි රංගනය සම්මානයක් දිනා ගැනීමට තරම් උනන්දුවෙන් කළ එකක් නොවන නිසා ඔහු මෙවර ෆිල්ම් ෆෙයාර් (Filmfare)  සම්මාන සඳහා නිර්දේශ නොවීම පිළිබඳ එතරම් පුදුම විය යුතු නැති බවයි.


   එමෙන් ම ශාරුක්(Shahrukh Khan) පවසා සිටියේ ඔහුගේ සමකාලීනයන් වන සල්මන් මෙන් ම අමීර් ද සමඟ ශාරුක්(Shahrukh Khan) ව සංසන්දනය කරනවාට අකමැති බවයි. ඔවුන් දෙදෙනාම සම්මාන පිළිබඳ නොතකන දෙදෙනෙකු වුවද තමන්ට එසේ සිටිය නොහැක්කේ ශාරුක්(Shahrukh Khan) යනු දක්ෂ නළුවෙක් යන භූමිකාවෙන් ඔබ්බට ගොස්  බොලිවුඩයේ"අයිකන්" එකක් බවට තිබෙන නිසා බවද ඔහු පවසා තිබෙනවා. අන්තර්ජාලය හරහා ලැබෙන ප්‍රතිචාර වලින් ශාරුක් ඛාන්(Shahrukh Khan) යනු ජනප්‍රියතත්වයේ හිනි පෙත්තටම නැග ගත්, බොලිවුඩ් සිනමාවේ ප්‍රබල රංගන පෞර්ෂයකට හිමිකම් කියන නළුවෙකු බව වටහා ගත හැකියි. එම නිසාම ශාරුක්(Shahrukh Khan) සම්මානයට පාත්‍ර වනු දැකීමට ඔහුගේ සුවහසක් වූ රසික ප්‍රජාව අපේක්ෂාවෙන් සිටිනවා.


   වසරකට ඒක චිත්‍රපටයක් සඳහා පෙනී සිටීම අවාසියක් ලෙස පෙනී ගියත් පසු ගිය වසර කිහිපය තුළ ම ශාරුක්(Shahrukh Khan) රංගනයෙන් දායක වී තිබුණේ වසරකට ඒක චිත්‍රපටයකට හෝ දෙකකට පමණයි.තම රංගනය විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන්නේ නම් වසරකට එක චිත්‍රපටයක් සඳහා දායක වීම වුවත්  සම්මාන ලැබීම සඳහා ප්‍රමාණවත් බව ශාරුක් පවසනවා.

ශාරුක්(Shahrukh Khan) සම්මාන දකින්නේ සිනමාවේ උසස්වීම් ලෙසයි. ඔහු මෙතෙක් ආ ගමන් මගේ මේ වන විට ගොඩ නගා ගෙන තිබෙන ස්ථාවරය සඳහා සම්මාන වලින් ලද දිරිය අපමණයි. කලාකරුවෙකුගේ දක්ෂතා අගය කර යමෙකු විසින් පිරිනමනු ලබන සම්මානයක් එම කලාකරුවාගේ රැකියාවේ උසස්වීමක් බදුයි. එමෙන් ම ආදරබර ,හාස්‍යමය සහ ක්‍රියාදාම ලෙස සම්මාන වර්ගීකරණය කිරීම පිළිබඳව ඔහු පවසන්නේ එමඟින් එක පුද්ගලයෙකු කැපී පෙනෙනවාට වඩා වඩා කිහිප දෙනෙකුට ම ඇගයීමට පත් වීමේ අවස්ථාව උදා වන බවයි.

   ශාරුක්(Shahrukh Khan) පසු ගිය වසරේ බොහෝ විවේක සුවයෙන් ගත කළ ද උදා වූ වසර කලා කටයුතු නිසා බෙහෙවින් කාර්ය බහුල වසරක් බව පවසනවා." ෆන්" චිතරපටයේ රූගත කිරීම් අවසන් වූ වහාම තවත් නිර්මාණ කිහිපයක් සඳහාම දායක වීමට ඔහු සූදානමින් සිටිනවා. එම නිසා මෙම වසරේදී ශාරුක් ඛාන් රඟන "ෆන්" චිත්‍රපටයට අමතරව තවත් සිනමා නිර්මාණයක් හරහා ඔහුගේ රංගනය දැක ගැනීමට හැකි වනු ඇති.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment