loading

Screan Actors Guild Award සම්මාන උළෙල

   පසු ගිය මස 21ක් වන වරටත් Screen Actors Guild Award සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබූ අතර එහිදී සිනමාවේ මෙන් ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහිදී ජීවතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානයෙන් පුදනු ලැබුවේ ඩේබි රෙනෝල්ඩ්ස් විසිනි. ඇය අග්‍රගන්‍ය ඇමෙරිකානු රංගන ශිල්පිණියකි.

 මෙහි හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශීල්පීන් වූයේ

චිත්‍රපටය
නිරූපණය කළ චරිතය     
රංගන ශිල්පියාගේ නම
Fox Catcher
ජෝන් 
ස්ටීව් කැරල්
The Imitation Game
ඇලන් ටියුරින්            
බෙනඩික් කම්බර්බැච්
Night Crawler
ලොයිස් බැලුම්             
ජේක් ගයිලෙනහාල්
The Theory of Everything  
ස්ටීවන් කොව්කින්ග්ස්  
එඩී රෙඩ්මේන්
Birdman
රිගාන් තොම්සන්          
මයිකල් ක්ලීට්න්
Whiplash
ෆ්ලෙචර්
ජේ. කේ සීමන්ස්

   මෙහිදී හොඳම නළුවා සම්මානය හිමිකර ගැනීමට හැකි වූයේ The Theory of Everything  චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එඩී රෙඩ්මේන්(Eddie Redmayne) විසිනි. එමෙන් ම හොඳම සහය නළුවා සම්මානය Whiplash හී රංගනය වෙනුවෙන් ජේ.කේ සීමන්ස් ට හිමිවිය.


එමෙන් ම 21 වන Screen Actors Guild Award සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා නිර්දේශිත නාමයන් වනුයේ

චිත්‍රපටය
රංගන ශිල්පිණිය ගේ නම
Still Alice
ජුලියන් මුවර්
Cake                                         
ක්ලාරා බෙනට්
Gone Girl                                 
ෆෙලිසිටි ජෝන්ස්
Wild
රීස් වීදර්ස්පූන්
Boyhood
පැට්‍රීසියා ආකියුට්
The Theory of Everything        
ෆෙලිසිටි ජෝන්ස්



   මෙහිදී හොඳම නිළිය සම්මානය තමන් සතු කර ගැනීමට ජුලියන් මුවර් සමත් වූයේ Still Alice චිත්‍රපටයේ වෛද්‍ය ඇලස් හෝවුලන්ඩ් ලෙස සිදු කළ විශිෂ්ට රංගනය උදෙසාය. හොඳම සහය නිළිය ලෙස පැට්‍රීසියා ආකියුට් සම්මානයට පාත්‍ර වූ අතර ඒ Boyhood චිත්‍රපටයේ රංගනය උදෙසාය.  බෙනට් විචාරක අවධානය දිනාගත්තේ Cake චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.එහෙත් ඇයට නිර්දේශිත නාමයන්ගෙන් ඔබ්බට ගොස් සම්මාන සඳහා හිමිකම් කීමට නොහැකි විය.

   මෙම සම්මාන උළෙලේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී සම්මානයක් වන්නේ හොඳම නළු කැල සඳහා හිමි වන සම්මානයයි. ඒ සඳහා පහත නම් සඳහන් චිත්‍රපට වල නම් නිර්දේශ වී තිබුණි.


චිත්‍රපටය  
නළු නිළි කැල
Birdman   
සැක් ගැල්ෆියනකිස්, මයිකල් කීට්න්,එඩ්වඩ් නෝර්ටන් , අන්ද්‍රියා රයිස්බරෝ, ඇමි රයන්, එමා ස්ටෝන්, නයෝමි වොට්ස්
Boyhood
ඒතන් හොව්ක් ,පැට්‍රිෂියා ආකියුට් , එලාර් කෝල්ට්‍රේන්
The Grand Budapest Hotel
එෆ්. මරේ ඒබ්‍රහම් , මැතිවු ඇමල්රික්, විලේම් ඩැෆෝයි,රැල්ෆ් ෆියෙන්ස් , ජෙෆ් ගොල්ඩ්බ්ලම්,ජූඩ් ලෝ, බිල් මරේ, එඩ්වර්ඩ් නොර්ටන්, එඩ්රියන් බ්‍රෝඩ්
The Imitation Game            
චාලි කොක්ස්, ෆෙලිසිටි ජෝන්ස් ,එඩී රෙඩ්මේන් , එමලි වොට්සන්                                        

මෙම අංශයෙන් කිරුළු පළදියේ  Birdman   චිත්‍රපටය සඳහා දායක වූ සැක් ගැල්ෆියනකිස්, මයිකල් කීට්න්,එඩ්වඩ් නෝර්ටන් , අන්ද්‍රියා රයිස්බරෝ, ඇමි රයන්, එමා ස්ටෝන්, නයෝමි වොට්ස් යන නළු නිළි පිරිසයි.

   එමෙන් ම හොඳම ක්‍රියාදාම නළු කැල Unbroken චිත්‍රපටය සඳහා හිමි වූ අතර ඒ සඳහා පහත දැක්වෙන චිත්‍රපට ද නිර්දේශ වී තිබුණි.

* Fury
* Get on up
* The Hobbit
* X-men


   ටෙලි  නාට්‍යය අංශයෙන් ගත් කළ හොඳම නළුවා ලෙස The Normal Heart ටෙලි නාට්‍යයේ රඟපෑ මාක් රෆලෝ සම්මාන ලැබීය. එමෙන් ම හොඳම ටෙලිනාට්‍යය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඔලිවු කිටරිජ් නාට්‍යයේ රංගනය වෙනුවෙන් ෆ්රන්සෙස් මැක්ඩොමෙන් විසිනි.


   මෙහිදී හොඳම මාලා නාට්‍යය නළුවා ලෙස කෙවින් ස්පෙසි සහ හොඳම මාලා නාට්‍ය නිළිය ලෙස වයලා ඩේවිස් සම්මාන ලද අතර ඒ පිළිවෙලින් House of Heard සහ  How To Get Away From Murder ටෙලි නාට්‍යයන්හී රංගනය වෙනුවෙනි.එමෙන්ම හොඳම හාස්‍ය නළුවා ලෙස විලියම් එච්. මැකී සම්මානයට පාත්‍ර වූයේ Shameless හාස්‍යමය ටෙලි නාට්‍යය මාලාවේ ෆ්‍රෑන්ක් ගැලගර් ලෙස සිදුකළ නිරූපණය නිසාවෙනි. Orange Is The New Black ටෙලි නාට්‍ය මාලාවේ සුසෑන් ගේ චරිතයට ජීවය දුන් උසෝ අබුඩා හොඳම හාස්‍ය නිළිය සම්මානයට හිමිකම් කියනු ලැබීය.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment