loading

ක්වීන් (Queen) කිරුළු පැළඳි ෆිල්ම් ෆෙයාර්(Filmfare) රාත්‍රිය

      බොලිවුඩයේ ස්වර්ණමය සම්මාන රාත්‍රිය වන ෆිල්ම් ෆෙයාර්(Filmfare) සම්මාන උළෙල පසුගිය 31 වෙනි දින 60 වැනි වරටත් අති උතකර්ශවත් අන්දමින් පැවැත්වුණා. එය මෙවර පැවතියේ බෝම්බායේ යශ් රාජ් චිත්‍රාගාරයේදීය. මෙම උළෙල මෙහෙයවනු ලැබූයේ කරන් ජොහාර්, අලියා බාත් සහ කපිල් ශර්මා විසිනි.

    එහීදි සම්මාන 6ක් දිනා ගනිමින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය බවට පත් වීමට විකාශ් බාල් අධ්‍යක්ෂණය කළ ක්වීන් (Queen)චිත‍්‍රපටයට හැකි වුණා. 

   ක්වීන් (Queen) චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබුවේ
• හොඳම චිත්‍රපටය
• හොඳම අධ්‍යක්‍ෂණය- විකාශ් බාල් Vikas Bahl
• හොඳම නිළිය- කන්ගනා රනවුට් ( Kangana Ranaut))
• හොඳම සංස්කරණය-අභිජිත් කොකටේ සහ අනුරාජ් කාශ්‍යප් (Abhijit Kokate and Anurag Kashyap )
• හොඳම සංගීත අධ්‍යක්ෂණය - අමිත් ට්‍රිවේදී (Amit Trivedi)
• (Best Cinematography Award) හොඳම සිනමාකරණය -බොබී සිං සහ සිද්ධාන්ත් දිවාන් (Bobby Singh and Siddharth Diwan) යන අංශයන්ගෙනි.


   හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ හේදර් (Haider) චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ  ශහීඩ් කපූර්(Shahid Kapoor)විසිනි. එමෙන් ම හේදර් (Haider) චිත්‍රපටය සඳහා ම රංගනයෙන් දායක වීම වෙනුවෙන් තාබු(Tabu )සහ කේ.කේ. මෙනන්(Kay Kay Menon) හොඳම සහය නළුවා සහ හොඳම සහය නිළිය යන සම්මාන දිනා ගන්නා ලදී.

   එහෙත් අදායම් වාර්තා බිද දමමින් බොලිවුඩ් සිනමාවේ පෙරළිකාර චිත්‍රපටයක් වූ පී.කේ(P.K) සඳහා හිමි වූයේ 


• හොඳම තිර රචනය- රාජ්කුමාර් හිරාණි සහ අභිජාත් ජෝශි (Rajkumar Hirani and Abhijat Joshi)


• හොඳම දෙබස් - රාජ්කුමාර් හිරාණි සහ අභිජාත් ජෝශි (Rajkumar Hirani and Abhijat Joshi) සම්මාන ද්විත්වය පමණි.


     ටූ ස්ටේට් (2 states) චිත්‍රපටය
• හොඳම නවක අධ්‍යක්‍ෂණය-අභිෂේක් වර්මන් (Abhishek Varman)
• හොඳම සංගීත අධ්‍යක්‍ෂණය- ශංකර් , එශාන්, ලෝයි(Shankar, Eshaan, Loy ) වෙනුවෙන් සම්මානයට පාත්‍ර  විය.


   මෙකී සම්මානයන්ට අමතරව රිදී තිරයේ ඉදිරිපස සහ පිටුපස සිටිමින් බොලිවුඩ් සිනමාව උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් බොහෝ පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment