ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශිත චිත්‍රපට සහ නාමයන් පිලිබඳ ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් සහ විචාරකයින් මෙන් ම රසිකයින් ද ඒ පිළිබඳව විවිද මත පළ කරන්නට පටන් ගෙන තිබේ. එහෙත් ඇතැම් පිරිස් පවසන්නේමෙවර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත නම් අතරට පත්විය යුතු වැදගත් නිර්මාණ කිහිපයක් ම ඒ සඳහා තේරී නොතිබීම නිසා එය අසම්පූර්ණ සම්මාන උළෙලක් බවට පත් වීමට ඉඩකඩ අති බවයි.
මෙවර සම්මාන උළෙල සඳහා හොඳම වාර්තා චිත්‍රපටය යන අංශයෙන් නිර්දේශිත නාමයන් අතරට එක්වූ චිත්‍රපට වන්නේ Citizenfour, Finding Vivian Maier, Last Days in Vietnam, The Salt of the Earth, Virunga යන චිත්‍රපට වේ. එහෙත් එම තෝරාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ මෙම අංශය සඳහා Life Itself චිත්‍රපටය ද අනිවාර්යයෙන් ම ඇතුළත් විය යුතු බවයි. එම චිත්‍රපටය විවාදයට තුඩු දෙන ආකාරයේ විචාර පල කළ ඇමරිකානු විචාරකයෙකු වන රොජර් එබර්ට්ගේ ජීවින වෘත්තාන්තය පිලිබඳ විවරණය කෙරෙන නිර්මාණයකි. එබර්ට් ගේ විචාරක කලාව ගවේෂණය කරමින් විශේෂයෙන් ම ඔහුගේ වෘත්තීමය දිවිය මෙන්ම ඇල්කොහොල් සමඟ ඔහුගේ පොරබැදීම පිළිබඳව විමර්ශනාත්මක දෘෂ්ටියකින් බලා නිර්මාණය කර ඇති මෙම වාර්තාමය සිනමා කෘතිය මෙම සම්මානය සඳහා තේරී නොතිබීම ගැටළුවක් වී තිබේ.
එමෙන් ම එම චෝදනා අතර තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ Selma චිත්‍රපටයට මහත් වූ අසාධාරණයක් සිදුවී ඇත යන්නයි. එක් චෝදනාවක් වන්නේ Selma හී රඟපෑ බ්‍රිතාන්‍ය නළු ඔයෙලෝවෝ(David Oyelowo ) හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත විය යුතුව තිබූ බවයි. එමෙන් ම මාර්ටින් ලූතර් කිං නැමති මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදී අභීත මිනිසා ගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වන 1965 වසරේ සිදුවූ සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ Selmaa චිත්‍රපටය අධ්‍යක්ෂණය කරණු ලැබුයේ කළුජාතික අධ්‍යක්ෂකවරියකි. ඇය නමින් ඈවා ඩුවර්නේගෙ ය.ඇය මෙවර හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට එක් වූයේ නම් එය කළුජාතික කාන්තාවක් එම අංශය සඳහා තේරී පත් වූ පළමු අවස්ථාවද වන්නේය. ඇය ඒ සඳහා තේරී පත් නොවීමද මතභේදයකට තුඩු දී තිබේ.
එමෙන් ම හොඳම සහය නිළිය සම්මානය සඳහා Gone Girl හී නික් ගේ සහෝදරියගේ චරිතය රඟපෑ කේරි කූන්(Carrie Coon) තේරී පත් විය යුතුව තිබූ බවද විචාරකයින් විසින් පවසා සිටී. එහි දුටු ඇයගේ රංගනය කලෙකින් දැකිය හැකි සුපිරි ගණයේ රංගනයක් යන්න විචාරකයින්ගේ මතයයි. ඇය හොඳම සහය නිළිය සම්මානය සඳහා නිර්දේශිත නොවීම විමතියට කරුණක් බව ඔවුන් තව දුරටත් කියා සිටී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment