loading

කෙලී ක්ලාක්සන් ( Kelly Clarkson) ගේ Heartbeat එක

   ඇමරිකානු ගායිකාවක වන කෙලී ක්ලාක්සන් ( Kelly Clarkson)  දිගු නිහැඬියාවකින් පසුව ලොවක් වසඟ කරන්නට සමත් නිර්මාණයක් රැගෙන යළිත් කරළියට පැමිණියා. පසුගිය ජනවාරි මස 12 වෙනි දින නිකුත් කරනු ලැබූ Heartbeat Song නම් වූ මේ අපුරු ගීතය කෙලී ක්ලාක්සන් ( Kelly Clarkson) ගේම නිෂ්පාදනයක් වන අතර එය නිකුත් කර තිබෙන්නේ RCA Records ආයතනය විසිනි. Piece by Piece ඇල්බමය සඳහා නිර්මාණය කර තිබූ මෙම ගීතය එම ඇල්බමයේ  ප්‍රධානතම ප්‍රචාරණ ගීතයද විය.

    2013 වසරේදී කෙලී ක්ලාක්සන් ( Kelly Clarkson)   විසින් නත්තල වෙනුවෙන් නිකුත් කළ Wrapped in Red ඇල්බමයට පසු ඇය නිකුත් කළ පළමු ඇල්බමය මෙයයි. කෙලී ක්ලාසන්  ( Kelly Clarkson) ගේ ගීත ඇල්බම් දෙකක් අතර මෙතරම් දිගු කාල පරතරයක් තිබුණු පළමු අවස්ථාව ද මෙය වේ. කෙලී ක්ලාසන්( Kelly Clarkson) එසේ කලක් නිහඬව සිටියේ ඇය මවු පදවියට සුදානම් වෙමින් සිටි නිසාය.


   ඇගේ මෙම නව ගීතය රචනා කර තිබෙන්නේ කැරා ඩියෝගර්ඩ්, ඖඩ්රා මායි, ජේසන් එවිගන්, සහ මිච් ඇලන්  යන අය විසිනි. කෙලී ක්ලාසන් ( Kelly Clarkson) ගේ Heartbeat Song  ගීතය කෙතරම් රසික ප්‍රසාදය දිනාගෙන තිබෙනවාදැයි යන්න ඇමරිකාවට අමතරව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රට වල ද හොඳම ගීත 40 අතරේ මෙම නිර්මාණය රඳවා තබන්නට හැකි වීමෙන් ම පෙනීයයි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment