loading

ජෙනිෆර් ලෝපේස්(Jennifer Lopez) රඟන The Boy Next Door

    
   The Boy Next Door යනු ත්‍රාසය දනවන සිනමා පටයකි. සරාගී ජවනිකා බොහොමයක් ඇතුළත් මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ රොබ් කොහෙන්(Rob Cohen) නමැති අධ්‍යක්ෂක වරයා විසිනි.පසු ගිය මස 28 වන දින සිට තිරගත වන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ලොස් ඇන්ජලීස් නගරයේ සිදු කර ඇත.රෑන්ඩ් එඩ්ල්මන් ගේ සංගීතයෙන් ඔපවත් වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඇ.ඩො මිලියන 4ක් වැය වී ඇත. 

   මෙම චිත්‍රපටයේ තිර රචනය බාබරා කරී විසින් සිදු කර ඇති අතර එය වසර දහයක් මුළුල්ලේ අපරාධ සම්බන්ධ විශේෂඥ නීතිඥවරියක ලෙස  ලබාගත් වෘත්තිය අත්දැකීම් අනුසාරයෙන් රචනා කර තිබේ. දික්කසාද වූ ගුරුවරියක විසින් අසල්වැසි නිවසක ජීවත් වන තරුණයෙකු හා පෙමින් වෙලීමෙන් පසු මුහුණ පෑමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් සමුහයක් වටා ගොඩනැගුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය සඳහා පණ පොවන්නේ ජෙනිෆර් ලෝපේස්(Jennifer Lopez) සහ රයන් ගුස්මන් විසිනි.

   මේ වන විටත් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්ව තිබෙන The Boy Next Door  චිත්‍රපටය දැනටමත් බොහෝ චිත්‍රපට විචාරකයන්ගේ විචාරයට ලක් ව ඇත
.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment