loading

හොලිවුඩ් තරු පිරිවරාගත් ගෝල්ඩන් ග්ලෝබ්(Golden Globes) සම්මාන උළෙල

    පසුගිය මස 72 වරටත් ගෝල්ඩන් ග්ලෝබ්(Golden Globes) සම්මාන උළෙල පැවැත්වුණු අතර ඩික් ක්ලාක් නිෂ්පාදන ආයතනය විසින් හොලිවුඩ් විදෙස් මාධ්‍ය සංවිධානය සමඟින් එක්ව මෙය නිෂ්පාදනය කර තිබුණි. ඉතාමත් උත්කර්ශවත් අයුරින් කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන් හෝටලයේදී පැවති මෙම සම්මාන උළලේදී හොඳම නළුවා සම්මානය හිමි වූයේ The Theory Everything හී රංග පෑ එඩී රෙඩ්මෙයන්(Eddie Redmayne) හටය. එමෙන් ම හොඳම නිළිය සම්මානය ජුලියානා මුවර්(Julianne Moore) විසින් හිමි කරගනු ලැබූ අතර ඒ Still Alice චිත්‍රපටයේ රංගනය වෙනුවෙනී. 2014 දී තිරගත වූ රිචර්ඩ් ලින්ක්ලේටර් අධ්‍යක්ෂණය කළ Boyhood චිත්‍රපටය සඳහා හොඳම වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය ලබාගානීමට හැකිවිය. එහිදී හොඳම හාස්‍යමය/ සංගීතමය චිත්‍රපටය ලෙසින් The Grand Budapest  Hotel චිත්‍රපටය සම්මාන ලැබූ අතර එය වෙස් ඇන්ඩර්සන්(Wes Anderson) ගේ චිත්‍රපටයකි.

   මෙහි හාස්‍යමය/සංගීතමය අංශයේ හොඳම නළුවා ලෙස ප්‍රභල නළුවන්  කිහිපදෙනෙකුගේ ම නම් යෝජනා වී තිබුණු අතර තරඟකාරී  මුහුණුවරකින් යුතු වූ මෙම අංශයේ එම සම්මානයට හිමිකම් කියන ලද්දේ මයිකල් කීටන්(Michael Keaton) විසිනි. ඒ Birdman හී රංගනය වෙනුවෙනි. එම චිත්‍රපටය Black Comedy ගණයේ හාස්‍ය චිත්‍රපටයකි. එමෙන් ම මෙම අංශයේ හොඳම නිළිය සම්මානය  Big Eyes චිත්‍රපටයේ මාග්‍රට් කීන් චරිතයට පණ පෙවූ ඇමී ඇඩම්ස්(Amy Adams) ට හිමි විය. හොඳම සහය නළුවා ලෙස ජේ.කේ සීමන්ස්(j.k Simmons) සහ හොඳම සහය නිළිය ලෙස පැට්‍රිෂියා ආක්‍යුටේ(Patricia Arquette) සම්මානයට පත්‍ර වූ අතර ,ඒ පිලිවෙලින් Whishplash සහ Boyhood චිත්‍රපට වල සිදු කළ රංගනයන් උදෙසාය. හොඳම තිර රචනය සම්මානය ද Birdman සඳහා හිමි වූ අතර මෙවර සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයකට හිමි කම් කීමට මෙම චිත්‍රපටයට හැකි විය. ඒ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය සහ හොඳම තිර රචනය සඳහාය.


   The Theory of Everything චිත්‍රපටයේ සංගීතය උදෙසා හොඳම සංගීතය සම්මානයෙන් ජොහාන් ජොහැන්සන්(Johann Johannsson) පිදුම් ලැබූ අතර හොඳම ගීතය වුයේ Selma චිත්‍රපටයේ Glory ගීතයයි. මෙම ගීතය ගායනා කළේ ජෝන් ලෙජන්ඩ්ස්(John Legend) සහ කොමන්(Common) විසිනි.එමෙන් ම ජීවිතයේ එක වරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය දිනාගැනීමට හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි(George Clooney) සමත් විය.


   හොලිවුඩ් තාරකාවන්ගෙන් කැලිෆෝනියාවේ බවර්ලි කඳු වැටිය සුදීපවත් වූ මෙම දිනයේ හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට රුසියාවට හැකිවිය. එම සම්මානය හිමි වූයේ ලේවියාතන්(Leviathan) චිත්‍රපටය වෙනුවෙනි.
Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment