එය තව දුරටත් තහවුරු කරමින් නොවැම්බර් මස වන විට Thinking out loud
ගීතය එංගලන්ත ගීත දර්ශකයේ අංක එකේ ගීතය බවට පත් විය. RCA recoerd විසින් නිකුත් කරනු ලැබූ මෙම ගීතය බිල්බෝර්ඩ් හොට් 100 ගීත දර්ශකයේ ද දෙවැනි ස්ථානයේ රැදෙන්නට සමත්ව තිබේ. ආදරබර ගීතයක් වන මෙම ගීතය එඩ් ශිරන්(Ed Sheeran) විසින් පසු ගිය වසරේ MTV යුරෝපියානු සංගීත සම්මාන උළෙලෙදී ද ගයනා කරනු ලැබීය. මේ වන විට මෙයට මියුසික් වීඩියෝවක් ද නිකුත් කර ඇති අතර එහි එඩී සමඟ බෝල්රුම් නර්තනයේ යෙදෙන්නේ බ්‍රිටෑනි චෙරී(Brittany Cherry) ය. පසු ගිය ඔක්තෝබර් මස 08 වෙනි දින නිකුත් කළ එම වීඩියෝව නරඹා ඇති සංඛ්‍යාව මේ වන විට මිලියන දෙක ද ඉක්මවා තිබේ. එමෙන් ම මෙම ගීතයේ විකිණී ඇති පිටපත් සංඛ්‍යාව ද මිලියනය ඉක්මවා ඇත.විචාරකයන්ගේ මතය වන්නේ මෙම ගීතය ධනාත්මක ස්ථාවරයක පවතින බවයි. මෙම ගීතය බොහෝ දුරට මාර්වින් ගයේගේ Let,s Get It On ගීතයට සමාන ආකාරයේ ගීතයකි. මෙම ගීතය රචනා කර තිබෙන්නේද එඩ් ශිරන්(Ed Sheeran) සහ ඇමී විසින් ම වීමද විශේෂත්වයකි.
0 comments :
Post a Comment