දීපිකා පදුකෝන්(Deepika Padukone) බොලිවුඩයේ පුවත් මවන්නියන් අතර ඉදිරියෙන් ම සිටින චරිතයක්. 60 වෙනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට පැමිණි දීපිකා පිළිබඳ බොහෝ දෙනා විමතියකින් කතා කරනු ලැබුවා.
ඇත්තෙන් ම මෙවන් සුපිරි තාරකාවක් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට පැමිණීම පුදුමය දැනවිය යුතු කරුණක් නොවුණත් දීපිකාගේ පැමිණීම පුවත් මවන්නට හේතුවක් වුණා. එසේ සිදු වූයේ දීපිකා පදුකෝන්(Deepika Padukone) විසින් ඇගේ ඡායාරූපයක් පුවත්පතක පල කර තිබූ ආකාරය පිළිබඳ ටයිම් පුවත් පත් සමූහය සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබීමයි. ෆිල්ම් ෆෙයාර් උළෙල සංවිධානය කරණු ලැබුවේ මෙම ටයිම් පුවත් පත් සමූහය විසිනි. කර පළල් හැට්ටයකින් සැරසී සිටි එම ඡායාරූපය පල කිරීම සම්බන්ධව සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටි දීපිකා මේ පිළිබඳ ඇගේ ටුවිටර් පිටුවේ ද සඳහන් කර තිබුණේ කාන්තාවන්ට ගරු කරන්නට නොදන්නේ නම් කාන්තාවන් බල ගැන්වීම පිළිබඳ කතා නොකර සිටින ලෙසයි.
>
0 comments :
Post a Comment