loading

කරදර වලට අත වනන ක්‍රිස් බ්‍රවුන්(Chris Brown)

   හොලිවුඩයේ ප්‍රකෝපකාරී චර්යාවකින් යුත් ගායකයෙක් ලෙස පුවත් රැසකට හේතු වූ ක්‍රිස් බ්‍රවුන්(Chris Brown) පසු ගිය දිනයක නැවතත් කතා බහට ලක් වුයේ  ඔහුට අධිකරණය විසින් පනවා තිබූ පරිවාස කාලය අත්හිටුවීමට විනිසුරු වරයා විසින්  තීරණය කිරීමත් සමඟයි. අධිකරණය විසින් එම තීරණය ගනු ලැබූයේ ඉකුත් මාසයේ  බ්‍රහස්පතින්දා දිනක දීය.
   මෙම 24 වියැති R&B ගායකයා විසින් පසු ගිය ජනවාරි මස අනුමතියකින් තොරව ප්‍රසංගයක් සඳහා සහභාගී වීමත්  ඔහුට පැවරී තිබූ  ප්‍රජා සේවා නිසි වෙලාවට සිදු කිරීම පැහැර හැරීමත් යන හේතූන් මත  අධිකරණය විසින් මෙම පියවර ගෙන ඇත. මෙසේ සිදුවී තිබෙන්නේ, ඔහුට පසුගිය දෙසැම්බර් මස සිට අනුමැතියකින් තොරව ලොස් ඇන්ජලීස් නගරයෙන් පිටතට යෑම තහනම් කර නියෝගයක් පනවා තිබෙන අතරතුරේදීය. සජෝසේ හී රාත්‍රී සමාජ ශාලාවක මෙම ගැටලුවට තුඩු දුන් ප්‍රසංගය පවත්වා තිබුණි. එහිදී  ක්‍රිස් බ්‍රවුන්(Chris Brown) ගී ගයමින් සිටි අතර තුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනකුට තුවාල සිදු විය. එහෙත් මෙම සිදුවීමට ක්‍රිස්(Chris Brown) ගේ මැදිහත් වීමක් නැතැයි පැවසේ .

   කෙසේ වෙතත් ලොස් ඇන්ජලිස් හී ශ්‍රේෂ්ධිකරණ විනිසුරු ජේම්ස් බ්‍රෑන්ඩ්ලින් මහතා විසින් ක්‍රිස් බ්‍රවුන්(Chris Brown) හට නිදැල්ලේ සිටිය හැකි කාලය මාර්තු මස මෙම නඩුව නැවත කැඳවන තෙක්   දීර්ඝ කර තිබුණි. ඔහු එම තීරණය ගෙන තිබුනේ බ්‍රවුන් (Chris Brown) ගේ පරිවාස කාලයේ සේවය කළ නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුවයි.


   ආරක්ෂක නීතිඥ මාක් ගෙරගොස් විසින් විනිසුරු බ්‍රෑන්ඩ්ලින් මහතා හමුවේ පවසා සිටියේ මෙම ගැටලුවට හේතුව, ප්‍රසංග සඳහා සහභාගී වීම සඳහා ලොස් ඇන්ජලීස් නගරයෙන් පිටතට යෑමට  අධිකරණ අනුමැතිය අවශ්‍යය නොවන බවට ඔහුගේ කාර්යාලයෙන් බ්‍රවුන්(Chris Brown) වෙත ලබා දී තිබූ වැරදි උපදේශයක් බවයි.
   විනිසුරු වරයා විසින් නීතිඥ මාක් ගෙරගොස් ගේ කරුණු දැක්වීම පිළිගත් නමුත්  මෙම නඩුව නිසි ආකාරව පවත්වාගෙන යෑම සඳහා බ්‍රවුන්(Chris Brown) ගේ පරිවාස කාලය අවලංගු කිරීමට සිදු වන බව ප්‍රකාශ කරන ලදී.

   එමෙන් ම විනිසුරු බ්‍රෑන්ඩ්ලින් තව දුරටත් කියා සිටියේ බ්‍රවුන්(Chris Brown) සිය ප්‍රජා සේවා කාලය සම්පූර්ණ නොකරන බව ඔහු දැන සිටි බැවින් එය අනපේක්ෂිත දෙයක් නොවන බවයි.


   ජනවාරි මස අවසන් වීමට පෙර ප්‍රජා සේවා පැය  1000ක් ඔහු විසින් සම්පූර්ණ කිරීමට නියමිතව තිබුණත් ආසන්න වශයෙන් ගත් කල ඉන් පැය 200 කට ආසන්න ප්‍රමාණයක් බ්‍රවුන්(Chris Brown)  විසින් මගහැර ඇති බවට බ්‍රෑන්ඩ්ලින් මහතා විසින් තවදුරටත්  ප්‍රකාශ කරන ලදී.



Share on Google Plus
- Sri lanka's number one Entertainment Website dedicated for celebrities and fans -
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment