ඒත් ටෙලි නිර්මාණ වලට රංගනයෙන් දායක වන එක සීමා කළාට ඇය සිනමාවට නම් පසු ගිය කාලයේ වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා. මේ වසරෙදී ඇගේ රංගනයෙන් හැඩවුණු සිනමා නිර්මාණ කිහිපයක් ම තිරගත වීමට නියමිතයි. ඇය රංගන අත්වැල සැපයූ උදයකාන්ත වර්ණසූරිය ගේ "බහුබූතයෝ" චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස සිනමාවට දායාද වීමට නියමිත “ගින්දරී” සිනමා නිර්මාණය සහ සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ “3 වරක් 3 ” චිත්‍රපටය දැනටමත් රූගත කිරීම් අවසන් කර තිබෙනවා. "ගින්දරී" චිත්‍රපටයේ ඇය පණ පොවන්නේ විකට නළු රොඩ්නි වර්ණකුලසූරියගේ බිරිඳගේ චරිතයටයි.ලෝචනා ඉමාෂී(Lochana Imashi) ගේ රසික පිරිසට “3 වරක් 3” චිත්‍රපටය තුළින් ලෝචනා ඉමාශිව රොබෝ කෙනෙක් ලෙස දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.
ලෝචනා ඉමාෂී(Lochana Imashi) පවසන්නේ ඇයට ජනප්‍රිය නිළියක් වනවාට වඩා කුසලතාපුර්ණ නිළියක් ලෙස රංගන අබරෝර මත දීප්තිමත් වීම වැදගත් බවයි. ලෝචනා දක්ෂ රංගන ශිල්පිනියක බව “අභිනික්මන” චිත්‍රපටය හරහා කලාකාමී ප්‍රේක්ෂක ප්‍රජාවට ඔප්පු කර පෙන් වූ බවද ඇය පවසනවා. ඉදිරියෙදීත් එවන් ගුණාත්මක නිර්මාණ හරහා අගේ රංගප්රතිභාව රසිකයින්ට දැකගන්නට සැලැස්වීමට අය අදහස් කරගෙන සිටිනවා.
නිවේදිකාවක් ලෙස කලාවේ ගමන් මග අරඹා “සෙනෙහෙවන්තයෝ” ටෙලිසිත්තම හරහා සිනමාවට පිවිසි මේ යොවුන් තාරකාව ටෙලිනාට්‍ය 35කට පමණ සිය රංගන දායකත්වය සපයා තිබෙනවා. එහෙත් කලාවේ ඇය දුටු ලස්සනම සිහිනය වේදිකා නාට්‍ය ක්ෂේත්රයට පිවිසීම බව ඇය පවසනවා. “සිල්ගත් කොක්කු” සහ “දූවිලි” හරහා ලෝචනා එම සිහිනයත් සැබෑ කරගෙන අවසන්. ඒ නිසාම ලෝචනා ඉමාෂී(Lochana Imashi) ඇගේ කලා දිවිය පිලිබඳ පසුවන්නේ ඉමහත් සතුටකින්.
0 comments :
Post a Comment