ආදරය කියන්නේ කිසිම බේදයකින් තොරව හැමදෙනාට ම පොදුවේ විඳ ගත හැකි හැඟීමකට. ආදරය පුංචි පුංචි මතක සටහන් වලින් පිරෙනවා කියන්නේ ඒ ආදරේ මොහොතින් මොහොත ජීවිතයට සතුට ගේනවා කියන එක. ආදරේ අපි ළඟ රැඳුනත් අතහැර ගියත් ඒ මතක අපි එක්කම ඉන්නවා. ආදරය කරද්දී සෙනෙහෙසින් පිළිගන්වන පුංචි තෑගිත් ඒ වගෙයි. සතුටක් එක්ක හෝ දුකක් එක්ක ජීවිත කාලයේදීම මතක් කරන්න පුළුවන්. කලා ක්ෂේත්‍රයේ සිටින ආදරණීය යොවුන් තරු සිය ආදරණිය තිළිණ පිළිබඳ මතකයන් අවදි කර තිබුනේ මේ විදියටයි.
සාරංග දිසාසේකර හෙවත් යෞවනයේ උන්මාදනීය සිහින කුමරා දැන් නම් විවාහකයෙක්. සාරංග ගේ ආදරණීය බිරිඳ උමාලි තිලකරත්න. සාරංග කියන විදියට උමාලිගෙන් සාරංගට ලැබුණු ආදරණීය ම තෑග්ග සී.ඩී තැටියක්. රතු පාට රිබන් පටියකින් මවපු ලස්සන මලක් තියෙන මේ තෑග්ග ගෙදර ගෙනත් රස වින්දම සාරංගට මොනවා හිතෙන්න ඇත්ද?.එයාලගේ ආදරේ උපන් දා පටන් ම දෙන්නා එකතු වෙලා ගායනා කරපු, එස්.එම්.එස් කරගත්තු එයාලගේ ආදරයට සමීප ගීත රැසක් ඒ සී.ඩී තැටියට ඇතුලත් වෙලා තිබුණලු.
ක්‍රිශානි අලංකි යොවුන් පරපුරේ දීප්තිමත් තාරකාවක් ලෙස ඇගේ ආදරයේ දී ලැබුණු සුන්දර ම තිළිණය පිළිබඳ මතකය අවදි කර තිබුනේ මේ විදියටයි. දැනට අවුරුදු තුන හතරකට කළින් ඇය පෙම්වතියක් ව සිටි කාලයේ ලැබුණු තෑගි ගොඩ අතරේ තමයි මේ තෑග්ග තිබී ඇත්තේ. ඒක ක්‍රිශානි තරම් ම ලොකු තෑග්ගක්. හුරුබුහුටි ආදරණිය මේ තෑග්ග ලස්සන ටෙඩි බෙයාර් කෙනෙක්. මේ වැලන්ටයින් තෑග්ගත් එක්ක ඇයට රතු රෝස මලක් දෙන්නටත් ඔහු අමතක කර තිබුණේ නෑ.
ජීවිතය ගීතයක් කරගත් කෙනෙකුට දෙන්න තියෙන හොඳම තෑග්ග මොකක් ද? ඒක මොකක් වුණත් ගීතයක් තරම් ම මිහිරි දෙයක් විය යුතුයි. ගීත කෝකිලාවක් ලෙස ඩ්‍රීම් ස්ටාර් හරහා කලා කරළියට පැමිණි උපේකා නිර්මාණි නැමති සුරූපී තරුණිය ඇයට ලැබුණු ලස්සන ම වැලන්ටයින් තෑග්ග වයිලිනයක් බවයි පවසන්නේ. එය ඉලෙක්ට්‍රික් වයිලිනයක්. ඇගේ සිතැඟි හොඳින් වටහා ගෙන ඔහු තිළිණ කළ මේ තෑග්ග අදටත් උපේකා ඇගේ හිතේ පාළුව තනිකම මකන්නට ඇය ළඟින් ම තියාගෙන ඉන්නවලු.
කසුන් කුමානයකට ඔහුගේ වැලන්ටයින් තෑග්ග ලැබිලා තියෙන්නේ ආදරය පටන් ගෙන වසර දෙකකුත් ගතවුණාට පසුවයි. හැංගි හොරා කරපු මේ ආදරේ ගෙවල් වලින් දැනගනියි කියන බය නිසා තෑගී දෙන්න පුළුවන් කමක් තිබුණේ නැති එකයි ඒකට හේතුව. අවුරුදු දෙකක ට පස්සේ ඔහුට ලව් වෝලට් එකක් තෑගී විදියට ලැබිලා තියෙනවා. ඇය එයට සෙනෙහස ආදරය එක්ක ෆොටෝ, ලියුම් , ආදරණිය සිංදු වගේ හුඟක් දේවල් එකතු කරලා තිබුනලු.
සුපර්ස්ටාර් දෙවැනි අදියරින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගයනි මධුෂාට ලැබුණු ලස්සනම වැලන්ටයින් තෑග්ග මාලුවෙක්. ආදරණීය ලෙස ගෙවුණු වැලන්ටයින් හැම එකකදීම සෙනෙහෙවන්තයාගෙන් තෑගී ලැබුණත් ලස්සන මාලුවෙක් දාල තිබුණු බෝල් එක තමයි මධුෂා ව වැඩිපුරම සතුට ට පත් කරල තියෙන්නේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment