බැරැක් ඔබාමා ට ගැළපෙන සල්මන් ඛාන්
පසු ගිය දිනවල ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණීමත් සමඟ ම ඒ සම්බන්ධ කාටූන් , කටකතා සහ විවිධ පුවත් පල විය. විශේෂයෙන් ම අන්තර්ජාලය මේ පිලිබඳ විවිධ ආකාරයට වාර්තා කෙරුණු පුවත් සහ විශේෂාංග වලින් පිරී ගොස් තිබුණි. එක් සිනමා වෙබ් අඩවියක් විසින් එක්තරා සුවිශේෂී විශේෂාංගයක් ඉදිරිපත් කර තිබුණු අතර එය බොලිවුඩයේ සිනමාලොලි වෙබ් පාඨක ප්‍රජාවගේ අවධානය වැඩිපුර දිනාගැනීමට සමත් ලිපියක් විය.
එහි සඳහන් කර තිබුණේ ආකර්ෂණය අතින් ගත කළ බොලිවුඩයේ බැරැක් ඔබාමාට සම කළ හැකි පවුර්ශයක් තිබෙන්නේ සල්මන් ඛාන්ට බවයි. මෙහිදී රචකයා සල්මන් ඛාන් මෑතකදී රඟපෑ නිර්මාණ වල ප්‍රචාරක පෝස්ටර් කිහිපයක් ඔබාමාගේ මුහුණ යොදා නිර්මාණය කර තිබුණු අතර ඔබාමාට රංගනයෙන් දායක වීම සඳහා වඩාත් උචිත වන්නේ කුමන චිත්‍රපටය ද යන්න පිළිබඳව පාඨකයන් ගෙන් අදහස් විමසීමක් ද සිදුකර තිබුණි. බොඩි ගාර්ඩ් , එක් ථා ටයිගර් , රෙඩි යන චිත්‍රපට වල ප්‍රචාරක පෝස්ටර් ද මෙසේ වෙනස් කර තිබූ පෝස්ටර් අතරින් කිහිපයකි.
මෙහිදී එක් තා ටයිගර් හී ජනාධිපතිවරයා රඟපෑ වේනම් හොඳ බව කියන පිරිස සියයට විසි හයක් පමණ වූ අතර රෙඩි චිත්‍රපටය සඳහා ගැළපෙන බවට පැවසූ පිරිස සියයට හතරක් පමණි.
0 comments :
Post a Comment