මින් පෙරදී ඇය අපට හමු වූයේ නිරූපිකාවක ලෙසයි. එහෙත් දැන් ඇය රංගන ශිල්පිණියක ලෙස අපේ ආලින්දයට එනවා. වර්තමානය වන විට නිවේදිකාවක් ලෙසද ඔබ අතරට පැමිණෙන ඇය නිමින් පියුමි හංසමාලි. ස්වර්ණවාහිනියේ විකාශය වන “ රිතූ” ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය ඇගේ පළමු රංගනයෙන් ම ජනප්‍රිය තරුවක් බවට පත් වුණා.
පියුමි කියන නමට වඩා ඇයව රසිකයින් හදුනාගන්නේ රිතූ කියන නමිනුයි. දැනට වසර තුනකට පමණ පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි මේ පියකරු යුවතිය අද අසීමිත රසික ආදරයක හිමිකාරියක් වෙලා. ඇය පවසන්නේ ලැබෙන රසික ප්‍රතිචාර මෙන් ම රසිකයින්ගේ "රිතූ" කියන දයාබර ආමන්ත්‍රණය නිසා 'පියුමි' ට වඩා "රිතූ" නමින් ඇය හුඟක් ජනප්‍රිය බවයි.
අහඹුවක් ලෙස ඇයට රිතූ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ශාන්ත සොයිසා මහතාව මුණ ගැහෙන්නේ ඔහුගේ "වරා මලී" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙන අතරතුරේදී යි. වරාමලී නාට්‍යයේ ප්‍රධාන රංගන භූමිකාවට පණ පෙවූ පැතුම් රුක්ශාන් නැමති රංගන ශිල්පියා පියුමිගේ සමීප මිතුරෙක්. ඔහුගේ මාර්ගයෙන් තමයි ශාන්ත සොයිසා මහතා පියුමි ව හඳුනා ගෙන තිබෙන්නේ.
කෙතරම් රංගනය සඳහා ආරාධනා ලැබුණත් නිරූපණ වෘත්තිය අතහරින්නට අදහසක් ඈ තුළ නැහැ. ඇය තවමත් මුල් තැන දෙමින් කටයුතු කරන්නේ නිරූපණයටයි. “රිතූ” හරහා ජනප්‍රියත්වයට පත් වීමත් සමඟම ඇයට රංගනය සඳහා විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒවායින් රංගනයට පහසු නිර්මාණ සඳහා පමණක් දායක වීමටයි ඇය අදහස් කරන්නේ. රංගනය පිළිබඳ දැණුමක් නොතිබුණත් ඒ පිළිබඳව ප්‍රතිභාවක් ඈ සතු බව ඇය විශ්වාස කරනවා. ඇය පවසන්නේ “රිතූ” හරහා රංගනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇයට හැකි වූ බවයි. එහෙත් රංගනය කියන්නේ පහසුවෙන් ඉගෙනගත හැකි විෂයක් නොවන නිසා අවස්ථාව ලැබෙන සෑම විටකම ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට ඇය උත්සහ කරනවා.
නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසු රංගනය සඳහා ආරාධනා බොහොමයක් ලැබුණු නමුත් අයුතු ප්‍රයෝජන ගැනීමේ අරමුණින් ලැබුණු එවැනි ආරාධනා ප්‍රතික්ෂේප කළ බව ඇය පවසනවා. ඇය නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණීම ප්‍රමාද වීමට හේතුව එයයි. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි දින පටන් විවිධ කටකතා නිර්මාණය වුවත් ඒ කිසිවක් ගැන එතරම් සැලකිලිමත් නොවන්නේ ඇය තමන් පිළිබඳව ම ඉතා හොඳ විශ්වාසයකින් පසුවන නිසයි.
"රීතූ" තුල දක්නට ලැබෙන ගුණාංගයන්ට වඩා පියුමි ගේ සැබෑ ජීවිතයේ හැඩතල බොහෝ වෙනස්. සැබෑ ජීවිතයේ දී කටකාර ,විනෝදකාමී, තරමක් නපුරු චරිතයක් වුවත් ඇය සිහිනයකින් වත් කිසිවෙකුට වරදක් කිරීමට නොසිතන තැනැත්තියක් .
ඇගේ රංගන දිවිය නැමති වෘත්තාන්තයේ මුල් පිටු කිහිපයක් පමණයි තවමත් පෙරලී තිබෙන්නේ. එහි ඉදිරියට පෙරලෙන්නට නියමිත පිටු අතර විජයග්‍රහණයේ සහ සාර්ථකත්වයේ බොහෝ සටහන් තිබේවා යැයි රසික ඔබ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කර සිටිනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment