කෙමෙන් කෙමෙන් ඉණිම ගොඩ නැගූ ගේල් සහ මාලෙන් එක්ව ලකුණු 372 ක සම්බධතාවයක් පවත්වා ගැනීමට සමත් වූ අතර ඉනිම නිමා වන විට මාලෙන් නොදැවී ලකුණු 133 ක් රැස් කර ගෙන තිබුණි. එමඟින් ජගත් එක්දින තරඟ පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිට වනු ලැබූ ඉහළම පිතිකරු සම්බන්ධතාවය ට හිමි කම් කීමට ගේල් ට සහ සමුවෙල් ට හැකි විය. මින් පෙර ඕනෑම කඩුල්ලක ඉහළතම එක්දින සම්බන්ධතාව(331) ගොඩ නගා තිබුණේ හිටපු ඉන්දීය ක්‍රීඩකයන් සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් විසිනි. ඒ නවසීලන්තයට එරෙහිව 1999 වසරේ දී පවතී තරඟයේදී ය.
ක්‍රිස් ගේල් ලකුණු පුවරුවේ තමාගේ ලකුණු සටහන් කළ අංක තහඩු සමඟ |
ක්‍රිකට් ලෝලීන් විස්මයට පත් කරමින් නැවතත් පුවත් අතරට පැමිණි ගේල් පසු ගිය වසර දෙකක පමණ කාලයක් තුළ විශාල පසු බෑමකට ලක්වු පිති කරුවෙකි. මෙවර ඔහු සිම්බාබ්වේ ට එරෙහිව මෙතරම් වාර්තාගත අකුණු ප්‍රමාණයක් රැස් කරගනු ලැබුවේ 2013 දී ලංකාවට එරෙහිව ලකුණු 119 යක් ලබාගත් පසු නැවතත් ලකුණු අතරට පැමිණි පළමු අවස්ථාව ලෙසිනි. ඉන් අනතුරුව ඔහු පසුගිය වසරේ අගෝස්තු මස බංග්ලාදේශයට එරෙහිව ලකුණු 58ක් රැස් කළ අතර එය ඉනිම් විස්සක දී මේ වන තෙක් ඔහු රැස් කරගෙන තිබූ වැඩිම ලකුණු ප්‍රමාණය විය.
එහෙත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී නැවතත් කරළියට පැමිණි ගේල්(Chris Gayle) ගේ විශ්මිත මෙන් ම භයානක පිති හරඹයට මුහුණ දෙන්නට ලෝක කුසලානය සඳහා තරඟ වදින කණ්ඩායම් වලට සිදු වන බවට ඉඟි දැනටමත් පළවී හමාරය.
0 comments :
Post a Comment