ඔස්කාර් සම්මාන පුදනු ලබන්නේ පිදිය යුත්තාටද?
ඔස්කාර් සිනමා සම්මාන උළෙල හෙවත් ඇකඩමි සම්මාන උළෙල යනු හොලිවුඩ් සිනමාවේ උත්කර්ෂවත් ම සිනමා මංගල්‍යයි. මෙම මස 22 දින 87ත් වැනි වරටත් පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල පිළිබඳ විවිධ අදහස් ,චෝදනා සහ කටකතා වලින් හොලිවුඩය මේ දිනවල පීරී ගොස් තිබේ. බොහෝ විට මෙම චෝදනා නගනු ලබන්නේ සිනමා විචාරකයින් විසිනි. ඔස්කාර් සම්මාන උළෙල හුදෙක් ම දේශපාලනික මුහුණුවරක් ගෙන ඇති බව සහ සම්මාන පිදීමේදී නිර්මාණයේ ගුණාත්මකභාවයට වඩා වෙනත් පටු කාරණා පිළිබඳ අවදානය යොමු කරන බව මේ වන විට ඔස්කාර් පිළිබඳ නගන චෝදනා අතර ඉහළින් ම තිබේ.
එය මෙවර පමණක් ඔස්කාර් උළෙලේ දක්නට ලැබෙන්නක් නොවන බවට සාධක ඔස්කාර් සම්මාන ඉතිහාසයෙන් මතුකර ගත හැක.හොලිවුඩය නිරන්තරයෙන් ම බ්‍රිතන්‍ය සිනමාවට ඇලී සිටින බැවින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් යම් සැළකිය යුතු මට්ටමක සිනමා නිර්මාණයක් බිහි කළ වහාම එයට සම්මාන පිදීමට මගබලා සිටි.2011 වසරේදී රජෙකුගේ ගොත ගැසීමක් පිළිබඳව නිර්මාණය කළ “කිංග්ස් ස්පීච්”(The King's Speech) චිත්‍රපටයට ලැබුණේ ද මෙවැනි බ්‍රිතාන්‍ය නිර්මාණයක් වීමේ වාසනාව නිසා හිමිවූ ඇගයීමක් මිසක් නිර්මාණාත්මක භාවය උරගා බලා ලබා දුන් ඇගයීමක් නොවේ.
එමෙන් ම 2013 දී ආර්ගෝ(Argo) චිත්‍රපටය හොඳම සිනමා නිර්මාණය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූයේ එය ඉරානය දෝෂ දර්ශණයට ලක් කර තිබූ නිර්මාණයක් වූ නිසාවෙනි.එයට බලපෑවේ ඇමරිකාවේ පවතින ඉස්ලාම් විරෝධී රැල්ලයි. එහි විශේෂත්වය වන්නේ මෙම සම්මානය නිවේදනය කරුණු ලැබූවේ සජීවීව උළෙල හා සම්බන්ධ වූ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා විසිනි.
2010 දී හර්ට් ලොකර්(Hurt Locker) චිත්‍රපටය ඇගයීමට ලක් කරණු ලැබූවේ එය ඉරාක යුද්ධය පදනම් කරගත් යුධ විරෝධී චිත්‍රපටය ක් වීම නිසාවෙනි. එයට හේතු වූයේ හොලිවුඩයේ නිදහස් මත ධාරීන් විසින් අතීතයේ සිටම අනුගමනය කරණු ලැබූ යුධ විරෝධී ප්‍රතිපත්තියයි.මෙය හොලිවුඩ් ඉතිහාසයේ කාන්තාවක් විසින් හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලැබූ පළමු අවස්ථාවයි.
2009 දී ස්ලම් ඩෝග් මිලියනර්(Slumdog Millionaire) චිත්‍රපටය සම්මාන පිට සම්මාන ගනිමින් ඔස්කාර් සම්මාන ලාබී චිත්‍රපට අතරට එක්වූයේ එය බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වීම නිසා මෙන්ම තුන් වන ලෝකය පිලිබඳ බටහිර රටවල් නොදුටු ජවනිකා වලින් සමන්විත වූ නිසාවෙනි. එම චිත්‍රපටය තුළ 3න් වෙනි ලෝකය අපායක් වැනි ලෙස නිරූපණය කර තිබුණු අතර එය තුන් වෙනි ලෝකයේ යතාර්ථයට බොහෝ දුරින් සිටින හොලිවුඩයේ සම්මානයට පාත්‍ර විය.
මෙවරත් චිත්‍රපට 8ක් හොඳම චිත්‍රපටය සම්මානය සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් 4ක් ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් ඔස්කාර් සම්මාන ඉතිහාසය සාක්ෂි දරන පරිදි මෙවර හොඳම චිත්‍රපටය සම්මානය දිනාගැනීම සඳහා නිර්මාණයේ ගුණාත්මක භාවය පමණක් ප්‍රමාණවත් වෙයි සිතීමට අපහසු තත්වයක පවතී.
ඔස්කාර් උළෙල මෙහෙය වීමේ ද යම් සුවිශේෂත්වයක් දක්නට ලැබේ. මෙවර ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවනු ලබන්නේ නීල් පැට්‍රික් හැරිස් විසින් වන අතර ඔහු විවෘත සමලිංගිකයෙකි. පසුගිය ඔස්කාර් සම්මාන උළෙලද මෙහෙයවනු ලැබුවේ විවෘත සමලිංගික රූමතියක් වන එලන් ඩිජෙනර්ස් විසිනි. පිට පිට දෙවතාවක් ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවීම සමලිංගික පුද්ගලයන් දෙදෙනෙකුට පවරා දුන්නේ ද ඔස්කාර් සම්මාන ඉතිහාසයේ පළමු වතාවටය.
0 comments :
Post a Comment