ළහිරු කිරණින් විකසිත වන සුවහසක් කුසුම් සේ නොයිඳුල් හදවතකින් ඉපදෙන දහසකුත් සිතුවිලිද නිර්මලය.
ආදරය යනු ඉතා පහසුවෙන් උච්චාරණය කල හැකි සරල අකුරු හතරක වචනයක් වුවද එහි අරුත ඉතා ගැඹුරුය.ආදරය පිළිබඳ එක් නිවැරදි අර්ථ කතනයක් නැත. එය හැම මිනිසෙකු විසින් ම වින්දනය කලත් මේ යැයි කියා වචන අහුරකට කැටි කර දැක්වීමට සමතෙක් තවමත් ලොවෙහි ඉපිඳ නැත.
මේ සරල අකුරු හතර තුල ගැඹුරු දහමක් සැගවී තිබේ. අකුරින් අකුර ගෙන විමසා බැලූ විට ආදරයට යම් හැඩතලයක් ලබාදිය හැකි අරුතක් එය සතුය.
අනුපමේය හැඟීමක සියුම් මනෝ භාවයන් පිලිබඳ විවරණය කිරීමට උත්සහ ගනිමින් අප යන මේ ගමනේ දී ආදරය යන වචනයේ වචනාර්ථය විමසා බැලීම වටී. එහි ඇරඹුම ලෙස එහි මුල් අකුරේ සැඟව ගත් අරුත කුමක් දැයි අපි විමසා බලමු.
ආ - ආදරය යන වදනේ මුල් අකුරයි. "ආ" යන්නෙන් කියැවෙන අරුත කුමක් දැයි ඔබ දන්නවාද? "ආ" යන්නෙන් අදහස් කෙරෙන්නේ ආකර්ශණය යන්නයි. එය ආදරයේ මූලාරම්භය යැයි සැළකේ. විරුද්ධ ලිංගික ප්‍රේමය පිළිබඳ කතා කරද්දී විද්‍යාත්මක දෘශ්ටියකින් බැලූ විට පවා පෙනී යන්නේ ජීවි සිරුරු හැඩ ගැසී ඇත්තේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශණය ඇති වන අයුරිනි. එහෙත් මේ ආකර්ශණය යන වචනය ඉන් ඔබ්බට විශාල පරාසයකට විහිදුන එකකි. ආකර්ශණය විවිධ අයුරින්, විවිධ කරුණු අරබයා ඇති විය හැක. රූපය , කට හඬ , පවුර්ශය , ගුණ ගරුක බව ආදී ලෙස ආකර්ශණය ඇති විය හැකි කරුණු ගණනාවකි.ඒ සියල්ලම මෙහිදී ගෙනහැර දැක්වීම අසීරුය. ඇතම් හූ තවකෙකුගේ සියලු ගුණාංග අබිභවා ප්‍රේමය නම් වූ ගුණාංගය කෙරෙහි ම ආකර්ශණය වන අවස්තාද ඇත.එයත් ආකර්ශණයේ තවත් එක පැතිකඩකි.
සැබවින්ම අපි යමෙකු කෙරෙහි සෙනෙහසින් බැදෙන්නේ යම් කරුණක් හේතු කොට ගෙන මය. ඇතැම් කෙනෙක් නොසලකා හරින හෝ හෙලා දකින දෙයකට පවා තවකෙකු ආකර්ශණය විය හැක. ඇතැම් විට කිසි දිනක නොදුටු කෙනෙකුට පවා ,ඔහුගේ හෝ ඇයගේ ගුණ අගුණ ඇසීමෙන්, කට හඬ ඇසීමෙන් එසේත් නැත්නම් වර්තමානයේ බොහෝ යහපත් සහ අයහපත් ප්‍රතිපල ගෙනෙන ෆේස් බුක් හරහා සංවාද ගොඩ නගා ගැනීමෙන් පවා යමෙක් තවකෙකු කෙරෙහි ඇලෙන්නේ මෙකී සහජ ගුණාංගය නිසාවෙනි
විවිධ ආගම් සහ සංස්කෘතීන් තුළ මෙකී ඇලීම පිළිබඳ විවිධ මති මතාන්තර පවතී. ලාංකීය සමාජය තුළ මේ පිළිබඳ කියවෙන බොහෝ කියමන්, කතා , උපමා, ගීත ආදිය දැකිය හැක. කෙනෙක් තව කෙනෙක් ට ඇලෙන්නේ දෙවියන් විසින් ඔවුන් යුවලක් ලෙස මැවූ නිසා එසේත් නැත්නම් බබා කෙටූ කෙනා නිසා මෙන්ම සසරේ එක්ව බැදී ආ පුරුද්දට බව යන්න සිහල සමාජය තුල බහුලව සන්නට ලැබෙන කියමන් ය. සසර පුරුද්ද පිළිබඳ බුදු දහමේ බොහෝ ගැඹුරෙන් විවරණය කරයි. මෙවන් සෑම දෙයකින් ම ගෙන හැර පාන්නේ ආදරයේ උල්පත ඇරඹෙන්නේ ආකර්ශණයේ බිහි දොරින් බවයි.
එහෙත් එකී මෙකී සියලු ගුණාංගයන්ට වඩා මිනිසා ගැහැණිය කෙරෙහි හෝ ගැහැණිය මිනිසා කෙරෙහි බැදීමට බලපාන මූලික ම කරුණ වන්නේ බාහිර ස්වරූපයයි. එයද විවිධාකාරය. ඇතමෙක් චාම් සුන්දරත්වයට ප්‍රිය කරද්දී ඇතමෙක් වර්ණවත් විලාසිතාවන්ගෙන් ඔපමට්ටම් වූ රුවකට ප්‍රිය කරයි. සමේ පැහැය, උස මහත , සිරුරේ හැඬ තල , මුහුණේ ඉරියවු ආදී බොහෝ යමෙක් තවකෙකු කෙරෙහි ඇලුම් වීමට හේතු විය හැක.
එහෙත් වර්තමානය වන විට ප්‍රේමය යනු හුදෙක් ම ඇලීමක් පමණක් ම දැයි සිතෙන අවස්තා සහ සිදුවීම් එමටය. එහෙත් ආකර්ශනය මත පමණක් පිහිටන ප්‍රේමය නිශ්ඵල ය.බිදෙන සුළු ය.එය කණු හතරකින් දරාගත යුතු ගොඩනැගිල්ලක් එක කණුවකින් දරා සිටීමට ගන්න උත්සහයක් හා සමානය. එනිසා ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සැබවින්ම ඔබ හා රැදී සිටින්නේ ඔබේ ධනයට , බලයට , නිලයට , උගත් කමට , හෝ බාහිර රූපයට පමණක් නම් එය පිරිපුන් ප්‍රේමයක් නොවේ. ඔබට ඒ සියල්ල අහිමි වුණු දිනෙක ඔබේ ප්‍රේමය ද ඔබ කෙරෙන් පලා යනු ඇත
ප්‍රේමය හුදෙක් ම ආකර්ශණය පමණක් නොවේ නම් ප්‍රේමයේ අනෙකුත් ගුණාංග මොනවා ද? ඒ පිළිබඳ කතා කරන්නට අපි නැවත මෙලෙසින් ම හමුවෙමු. ඔබට සෙනෙහසින් දීප්තිමත් වූ විචිත්‍රවත් දිනයක් වේවා!
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment