නව වසරක් කියන්නේ හැමෝගෙම හිත් වලට අලුත් ප්‍රාර්ථනාවන් කාන්දු වෙන ජීවිතේ නැවත අලුත් කරගන්න ලැබෙන අවස්ථාවක්. කිසිම භේදයක් නැතිව මුළු ලෝකය ම සමරන එකම දවස නව අවුරුදු උදාවයි. නව අවුරුද්දේ අපි ඇති කරගන්න ඉලක්ක සහ ප්‍රාර්ථනා මුලු අවුරුද්දක් හොඳින් ගෙවා දමන්න අපිට උදවු වෙනවා. මේ විදියට අලුත් අවුරුද්දකට මුහුණ දෙන්න සූදානම් වෙන ලෝකයේ ම සිටින මිනිසුන් අතරින් අපේ හිත් වලට සමීපම කිහිප දෙනෙක් ගේ නව අවුරුදු ප්රාර්ථනවන් මොනවද කියල දැන ගන්න අපි කවුරුත් කැමතියි.
මේ පුංචි දිවයිනේ මිනිසුන්ගේ රසවින්දනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන කලාකරුවන් කොයි විදියටද මේ නව අවුරුද්දට එළඹෙන්නේ, ඒ අයගේ නව අවුරුදු ප්‍රවේශය මොන වගේද කියන එක විමසා බැලීම වටිනවා.
* රොශාන් රණවන කියන්නේ යොවුන් පරපුරේ රසික සිත් වල ආදරයෙන් රැදුණු නමක්. පසු ගිය වසර ඔහුට ඉතා වැදගත් එකක් වුණා. මංගල සීනු හඩ මැදින් විවිහ දිවියට එළඹි මේ තරුණ කලාකරුවාගේ නව වසර බලාපොරොත්තු වලින් පිරී තිබෙන බවට නම් කිසි සැකයක් නෑ.තම ආදරණීය බිරිඳ සමඟින් ඇරඹි නව දිවිය ඉතාමත් සතුටුදායක් එකක් බවයි ඔහු පවසන්නේ. විවහයෙන් පසු යුවලකගේ ඊළඟ ලස්සනම හීනය වෙන්නේ කිරි කැටියෙකුගේ මුහුණ දකින එක. එහෙත් එය මේ වසර තුළ ඉටු කරගන්නට ඔහුට අදහසක් නෑ.
රංගන ශිල්පියෙක් විදියට ඔහු නව වසරේ ඉලක්ක ගැන කතා කරන්නේ හරිම සතුටකින්. ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට 3ක් මේ වසරේ තිරගතවීමට නියමිතයි. නව චිත්‍රපට තුනකට ද ඔහුට ආරධනා ලැබී තිබෙනවා. ඒ නිසා මේ වසර නම් කලාකරුවෙක් විදියට හුඟක් කාරිය බහුලයි කියලයි ඔහු කියන්නේ. එකින් එකට වෙනස් හොඳ චරිත කිහිපයකින්ම මේ වසරේ රසික පිරිස අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙනුයි ඔහු පසුවන්නේ.
*අමිලා නදීශානි ගේ නව වසරත් බලාපොරොත්තුවලින් පිරුණු එකක්. ඇගේ සිඟිති දියණිය අලුත් වසරේ පෙර පාසල් ගමන ආරම්භ කළා. ඇයගේ ව්‍යාපාර දිවියේ වැදගත් ම සන්දිස්ථානයක් වූ "කංකා" ව්‍යාපාර සමූහයෙත් නව වෙනසක් සිදු වුණා අවුරුදු උදාවත් සමඟම.මෙතෙක් සාරි පමණක් තිබූ ඔවුන්ගේ සාප්පු සංකීර්ණයට ජනවාරි පළවෙනිදා සිට ළමා , කාන්තා ,පිරිමි ඇඳුම් ඇතුළත් කළා. ඇගේ ව්‍යාපාර දිවිය එසේ අලුත් වෙද්දී ඇගේ කලා දිවියත් නව බලාපොරොත්තු වලින් හැඩ වෙලා.විදෙස් සංචාර කිහිපයක් සඳහා ම සහභාගී වීමේ බලාපොරොත්තුවෙනුයි ඈ සිටින්නේ. ඇය ගායිකාවක් පමණක් නොවේ හොඳ රචිකාවියක් ලෙසත් නව වසරේදී ඇගේ රසිකයින්ගේ ආදරය දිනා ගනීවි. ඒ ඈ ලියූ " රළ කරළිය " නවකතාව එළි දැක්වීමේ බලාපොරොත්තුවත් සමඟයි.
*ශ්‍රියන්ත මෙන්ඩිස් සිය මිණිබිරියගේ වැඩීම බලා සතුටු වෙන්නට කැමත්තෙ න් පසු වෙනවා. ඔහු 2015 වසරේදී ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට පිවිසේවි. අලුතින් වේදිකා නාට්‍යයක් කිරීමටත් නව වසරේ බලාපොරොත්තුවක් තිබෙන බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට ඔහුට තියෙන ලොකුම බලාපොරොත්තුව රටට සාමය සතුට සශ්‍රීකත්වය උදාවීමයි.
*උදයන්ති කුලතුංග කියන විදියට ඇය පසුගිය වසර ගෙවා දැමුවේ හුඟක් අලස විදියට. ඒ නිසා නව අවුරුද්ද කාර්යබහුල ව ගෙවා දමන්නයි ඇය හිතාගෙන ඉන්නේ. ජනවාරි මාසයේදීම ඇය අලුත් නිර්මාණයකට දායක වෙනවා. ඇය 2015 වසරෙදි සිනමාව තුළින් වැඩිපුර දකින්නට ලැබේවි. ඇගේ බලාපොරොත්තු අතර ඉදිරියෙන් ම තිබෙන්නේ චිත්‍රපට නිශ්පාදනය ට පිවිසීමයි. කලාත්මක ගුණයත් වාණීජමය වටිනාකමත් දෙකම තිබෙන නිර්මාණයක් වන එහි නළු නිළියන් සහ අධ්‍යක්ෂක වරයා පිළිබඳව පැවසීම ඇය පසුවට තබා තිබෙනවා.
*නයනා කුමාරි නම් කියන්නේ ඇගේ හිතේ ඒ තරම් ම ලොකු බරාපොරොත්තු නෑ කියලයි. ඒත් රටේ සංවර්ධනය සහ සාමය උදාවනු දැකීමට ඇගේ හිතේ තියෙන්නේ ලොකු ප්‍රාර්ථනාවක්. මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින ඇගේ පුතණුවන් වෙනුවෙන් කැප වීමට ඇය බලාපොරොත්තු වුණත් විභාගය නිසා දරුවාට පීඩනයක් ඇති කිරීමට උවමනා නැතැයි ඇය කියනවා. ව්‍යාපරයේ සහ රංගනයේ දියුණුව අපේක්ෂා කළත් ඒ කිසිවක් ඒ තරම් විශාල බලාපොරොත්තු නෙවෙයි කියලයි ඇය කියන්නේ.
* ගිය වසර තුළ ගායන ක්ෂේත්රයේ ඉතා හොඳ ගමනක් යමින් සිටි කීර්ති පැස්කුවෙල් ඔහුගේ නව වසර ගැන කියන්නේ මේ විදියට. 2014 වසරේ ආරාම්භ කළ වැඩ කටයුතු වල ඊලඟ පියවරයන් තබමින් ඒ සියල්ලේ ප්‍රතිඵල භුක්ති විදිමින් නව වසර ගෙවන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2014 වසරේ දී ඔහුගේ සංගීත පන්ති වෙනත් ස්ථානයකට ගෙන යෑමටත් එවා හොඳින් ව්‍යාප්ත කිරීමත් සිදු කළ බවත් මෙම වසරේදී එහි සිසු සිසුවියන් සමඟින් ප්‍රසංගයක් කිරීමට බලපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා. එමෙන් ම ඒක පුද්ගල ප්‍රසංගයක් තුළිනුත් කීර්ති ගේ ගීත රස විදින්නට ඔහුගේ රසිකයින්ට නව වසර තුල හැකි වේවි.
* ධනංජය සිරිවර්ධන තනිකඩයෙක් විදියට නව වසරක ප්‍රාර්ථනා පුරපු කාලය අවසන් වෙලා. බිරිඳත් සමඟින් ගෙවූ පළමු නව වසරේදී ඔවුන් දෙදෙනාගේම හිත් වල ලස්සන බලාපොරොත්තුවක් තිබෙනවා ඒ සොඳුරු නිවහනක් ගොඩ නගා ගැනීමයි. ඔහු කියන විදියට ඒ සිහිනය එලෙස ම මේ වසර තුළ ඉටුවෙනවා. පසු ගිය වසරේ රඟපෑ ටෙලි නාට්‍ය විකාශනය වනු දැකීමටත්, සිනමාව තුලින් මෙම වසර තුල යමක් කිරීමටත් කලාකරුවෙක් ලෙස ඔහුගේ බලාපොරොත්තුවක් තිබෙනවා.
මේ පුංචි දිවයිනේ වෙසෙන ලොකු කුඩා උස් පහත් බාල මහලු කාටත් සුභ ම සුභ නව වසරක් වේවායි මේ කලාකරුවන් සියලු දෙනා ම හදවතින් ම කරන ප්‍රාර්ථනයද අපි ඔබට පිළිගන්වනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment