“ලයිෆ් ඔෆ් බොලිවුඩ්” වෙබ් සඟරාව විසින් පසු ගිය දිනෙක අපූරු සමීක්ෂණයක් සිදු කර තිබුණා. ජනප්‍රිය බොලිවුඩ් තාරකා යුවලක් වූ සෝහා අලී ඛාන්(soha ali khan) සහ කුනාල් කේමු(kunal Khemu) යුවල පසු ගිය දිනක යුග දිවියට එළඹුණා. ලයිෆ් ඔෆ් බොලිවුඩ් වෙබ් අඩවිය මඟින් සමීක්ෂණය කර තිබුණේ මීළඟට බොලිවුඩ් තරු අතරින් විවහා දිවියට එළඹෙන යුවල කවුරුන් වනු ඇති දැයි යන්න පිළිබඳවයි.

අන්තර්ජාල පාඨක ප්‍රජාවගේ මත විමසීමකින් සිදුකළ මෙම සමීක්ෂණයෙන් හෙළි වූයේ සුශාන්ත් සිං රාජ්පුත්(Sushant Singh Rajput) සහ අන්කිතා ලෝකන්ඩේ(Ankita Lokhande) ගේ විවාහය මීළඟට බොලිවුඩයේ සිදුවන සුපිරි විවාහය වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි.සුශාන්ත් සිං රාජ්පුත්(Sushant Singh Rajput) යනු PK චිත්‍රපටයේ සෆ්රාස් ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පියා ය. ඔහුගේ පෙම්වතිය වන්නේ “ස්ටාර් ප්ලස්” නාලිකාව හරහා විකාශය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන “පවිත්‍ර රිෂ්තා” හී ප්‍රධාන චරිතය නිරූපණය කළ සුරූපිනිය යි. මොවුන් තව දුරටත් පෙම්වතුන් නොවන බවට කට කතා බොහොමයක් පැතිර ගොස් තිබුණද පසු ගිය දිනක ඔවුන් දෙදෙනා පෙනී සිටි චායාරූප රැසක් අන්තර්ජාලයට මුදා හැර තිබුණේ එම කට කතා බොරුවක් බවට පත් කරමිනි.
එමෙන් ම මෙහිදී පාඨක අවධානය දිනා ගත් මීළඟ තාරකා යුවල වූයේ රන්බීර් කපූර්(Ranbir Kapoor) සහ කත්‍රිනා කයිෆ්(Katrina Kaif) ය. එහෙත් ඔවුන් දෙදෙනා කිසි විටකත් ඔවුන් ගේ විවාහය පිලිබඳ මාධ්‍යට අදහස් දක්වා නොතිබීම නිසා ඔවුන්ගේ විවාහා ගිවිසගැනීම සේම විවාහයත් හොර රහසේම සිදුවනු ඇති යනුවෙන් ද අදහස් පල වී තිබේ.
පසු ගිය දිනක දීපිකා පදුකෝන්(Deepika Padukone) ඇගේ පෙම්වතා වී සිටි රන්බීර් කපූර්(Ranbir Kapoor) වෙනුවෙන් සිය බෙල්ලේ කොටාගෙන තිබූ පච්චය RV ලෙස වෙනස් කර තිබෙනවා. එම නිසා අගේ අලුත් පෙම්වතා වන රන්වීර් සිං(Ranveer Singh) ඇගේ ජීවන සහකරුවා වීමට කාලය එළඹී ඇති බවටද ඇතැමුන් අදහස් පල කර සිටිනවා. ද
ගිය වසරේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි බිපාෂා බාසු ගේ කේන්දරයේ තිබූ ග්‍රහ දෝෂයක් නිසා ඇගේ විවාහය කල් ගියා. එමනිසා බිපාෂා බාසු(Bipasha Basu) සහ හර්මන් බජෙවා(Harman Baweja) අතර විවාහය මෙම වසරේ පවත්වනු ඇතැයි ද බලාපොරොත්තුවක් තිබෙනවා.
0 comments :
Post a Comment