පුජා උමාශංකර් විසින් ඓතිහාසික කංනගී ගේ චරිතයට පණ පොවනු ලබයි. එමෙන් ම රවින්ද්‍ර රන්දෙණිය පඬි රජ ලෙසත් , දයා අල්විස් රන් කරු ලෙසත් මෙහි චරිත සඳහා රංගනයෙන් දායකත්වය සපයන අතර “සමනළ සංධ්වනිය” , “මහරජ ගැමුණු” චිත්‍රපට හරහා තම රංග පෞර්ශය හෙළ සිනමාවේ සුදීපවත් කළ උද්ධික ප්‍රේමරත්න කංනගී ගේ සැමියා හෙවත් කෝවලන් ගේ චරිතය නිරූපණය කරනු ලබයි.
තිස්සමහරාමයේ රන්මිණිතැන්න ප්‍රදේශය අවට දැඩි හිරු රැසින් බැට කමින් ඉතා වෙහෙසකරව මෙම නිර්මාණය උදෙසා දායකත්වය සපයන අධ්‍යක්ෂක වරයා ඇතුළු නළු නිළි පිරිස ඇතුළු සියලු දෙනා ඔවුන්ගේ උපරිම ශක්තිය යොදවන්නේ ගුණාත්මක බැවින් පිරිපුන් නිර්මාණයක් හෙළ සිනමාවට දායාද කිරීම වෙනුවෙනි.
0 comments :
Post a Comment